“Clean Sri Lanka” ජාතික වැඩසටහනේ සමාරම්භය සමග බලශක්ති අමාත්‍යංශයද එක් වුණා. කොළඹ 03 ගාලු පාරේ පිහිටි බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්වුණු එම අවස්ථාවට පණිවිඩයක් එක් කළ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා,

“අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ නායකත්වය හා මගපෙන්වීම යටතේ “Clean Sri Lanka” වැඩසටහනේ අරමුණු හා ඉලක්ක ජයගන්න බලශක්ති අමාත්‍යවරයා හැටියට මමත් මගේ යටතේ තිබෙන ආයතන  විශේෂයෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු ආයතන රැසක සියළුදෙනා එකතුවෙනවා.

 

අපේ රටේ ආර්ථික, සාමාජීය, සංස්කෘතික, සදාචාරමය හා පාරිසරික ප්‍රගමනයක් ඉලක්ක කරන “Clean Sri Lanka” වැඩසටහන එක්ක මේ රටේ සියලු පුරවැසියනුත් එකතුවෙන්න කියලා ආරාධනා කරන්න කැමතියි” යැයිද පැවසුවා.

 

මෙම අවස්ථාවට බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා ප්‍රමුඛ ඉහළ නිළධාරීන් ඇතුළු බලශක්ති අමාත්‍යංශයේ සේවක මහත්ම මහත්මීන්ද  සහභාගි වූහ.