දැක්ම

ශ්‍රී ලංකාව ආසියාවේ බලශක්ති කේන්ද්‍රය බවට පත් කිරීම


විදුලිබල අංශය – මෙහෙවර

“ජාතික ආර්ථික සෞභාග්‍ය උදෙසා ඇවැසි ගුණාත්මක, විශ්වසනීය, තිරසර හා මිල දැරිය හැකි විදුලිබල සැපයුමක් සහතික කිරීම”

බලශක්ති අංශය – මෙහෙවර                                                                                                                  

“ජාතික අවශ්‍යතා සපිරෙන පරිදි, අඩු වියදම් බලශක්තිය සඳහා ප්‍රවේශය වැඩි කරමින් ඉන්ධන ආනයනය කළමනාකරණය හා දේශීයව නව බලශක්ති ප්‍රභවයන් බලශක්ති මිශ්‍රණයට එකතු කිරීම සහ නියමිත නීති සහ අණ පනත්වලට අනුකූලව බලශක්ති විෂයට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය හා නියාමනය මඟින් පරිසර හිතකාමී තිරසර බලශක්ති සැපයුමක් තහවුරු කිරීම”

අරමුණු
 
  • පුනර්ජනනීය බලශක්තියේ උපරිම සංවර්ධනය සමඟින් 2025 වන විට රටේ විදුලි ජනන ධාරිතාව දැනට පවතින මෙගා වොට් 4,809 සිට මෙගා වොට් 7,629 දක්වා වැඩි කිරීම
  • සම්ප්‍රේෂණ ජාලය වැඩිදියුණු කිරීම
  • 2025 වන විට කිලෝ වොට් 220 ජාලය කිලෝ මීටර 799 සිට කිලෝ මීටර 1,300 දක්වා
  • 2025 වන විට කිලෝ වොට් 132 ජාලය කිලෝ මීටර 2,361 සිට කිලෝ මීටර 3,000  දක්වා
  •  ගුණාත්මක සේවාවක් සැපයීමට සහ සමස්ථ ගෘහස්ථ විදුලි ඉල්ලුම සපුරා ගැනීමට හැකි වන පරිදි බෙදාහැරීමේ ජාලය වැඩිදියණු කිරීම
  • 2025 වන විට පද්ධතියේ තාක්ෂණික හා වාණිජමය පාඩු 9්‍ර සිට 8්‍ර දක්වා අඩු කිරීම
  • දේශීයව විදුලි උපකරණ නිෂ්පාදනය දිරිමත් කිරීම මඟින් රටේ විදුලිබල පද්ධතිය සුහුරු ජාලය :ීප්රඑ ඨරසා* බවට පරිවර්තනය කිරීම
  • ඉන්ධන සැපයුම් දාමයෙහි ගුණාත්මක බව හා විශ්වසනීයත්වය තහවුරු කිරීම
  • කාර්යක්ෂමව හා ඵලදායී ලෙස ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන භාවිතාව ප්‍රවර්ධනය කිරීම
  • ආරක්ෂිත හා වඩාත් කාර්යක්ෂමව ඉන්ධන ගබඩා පහසුකම් තහවුරු කිරීම හා රට පුරා ඉන්ධන බෙදාහැරීම තහවුරු කිරීම
  • වසර 2030 වන විට දේශීය ඛනිජ තෙල් සහ ස්වභාවික වායු නිෂ්පාදනය ප්‍රශස්ථ කිරීම මඟින් ශ්‍රී ලංකාවේ බලශක්ති ස්වයංපෝෂිත භාවයේ හවුල්කරුවකූ වීම
  • විදුලි පරිභෝජනයේ කාර්යක්ෂමතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා නවීන ප්‍රමිතිගත විදුලි උපකරණ භාවිතය හා හරිත ගොඩනැගිලි සංකල්පය ක්‍රියාත්මක කිරීම
  • වසර 2050 දී කාබන් විමෝචනය ශූන්‍ය කළ රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා ප්‍රමුඛ දායකයකු බවට පත්වීම
 

ව්‍යවස්ථාපිත ආයතන


විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ විෂය පථය යටතේ පවත්නා ප්‍රධාන ආයතන පහත පරිදි වේ:

විදුලිබල අංශය

  • ලංකා විදුලිබල මණ්ඩලය
  • සී/ස. ලංකා විදුලි පුද්. සමාගම
  • සී/ස. එල්ටීඑල් හෝල්ඩින්ග්ස් පුද්. සමාගම  
  • ශ‍්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය 
  • ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව  
  • ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය  
  • සී/ස. ලංකා ගල්  අඟුරු (පුද්ගලික) සමාගම  
  • සී/ස. ශ‍්‍රී ලංකා එනර්ජීස්  (පුද්ගලික) සමාගම  

විදුලිබල අංශය

  • ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව  
  • ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම
  • ශ‍්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය  
  • ට්‍රින්කෝ  පෙට්‍රෝලියම් ටර්මිනල් පුද්ගලික සමාගම
 

අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක අංශ


  • ආයතන හා පරිපාලන අංශය
  • සංවර්ධන අංශය
  • ප‍්‍රතිපත්ති තාක්ෂණික හා පර්යේෂණ අංශය
  • විදුලි උත්පාදන, සම්පේ‍්‍රෂණ හා බෙදාහැරීම් අංශය
  • සැලසුම් අංශය
  • ප‍්‍රසම්පාදන අංශය
  • මූල්‍ය අංශය
  • අභ්‍යන්තර විගණන අංශය