LECO owns the energy meter manufacturing facility in Sri Lanka serving the entire energy meter requirement of the country. This is set up in technical venture with Ante Metering Company of China. This factory is designed for a capacity of 500,000 energy meters production capacity per annum targeting the SAARC region markets as well. This is considered one of the pioneering industries in Sri Lanka due to its high technological nature and the importance of the energy meters to the electricity utility operations. This factory has the capacity to manufacture electromechanical and electronic meters of single phase or three phase. The capacity is further available for high tech meters such as prepaid meters, AMR meters and BPL meters. Further this venture is facilitated with advanced energy metering technology to manufacture high end electronic energy meters such as multi functional poly phase meters, intelligent meters, pre paid meters and AMR enabled meters.
1983-2008
රිදී ජුබිලිය
මහින්ද චින්තන චින්තන යටතේ, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මඟ පෙන්වීම සහිතව, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සහාය ඇතිව, ලංකා විදුලි (පෞද්.) සමාගම සුළං ශක්තිය සහ සුළං ශක්තිය වැනි ස්වාභාවික සම්පත්වලින් ජාතික විදුලිබල පද්ධතියට විදුලිය සපයනු පිණිස අපගේ ජාලයන් තුළ ශුද්ධ මනුකරණය නම් නව සංකල්පයක් ආරම්භ කර තිබේ.
මෙම අවස්ථාව භාවිතා කිරීමටත් මෙම ජාතික කර්තව්‍යයේදී අප සමඟ එක් වීමටත්, මීගමුවේ සිට ගාල්ල දක්වා සිටින අපගේ බලපත්‍රලාභී ප්‍රදේශයේ සිටින අපගේ සියලුම පාරිභෝගිකයින්ට ඇරයුම් කිරීමට ලංකා විදුලි (පෞද්.) සමාගම කැමැත්තෙන් පසුවේ.
ශද්ධ මනුකරණ සම්බන්ධතාව ලබා ගන්නා පාරිභෝගිකයින්ගෙන් අය කෙරෙනුයේ උත්පාදනය හා පරිභෝජනය අතර වෙනස වන බලශක්ති පරිභෝජනය සඳහා පමණි. කිසියම් බිල්පත්කරණ මාසයක් සඳහා පරිභෝජනයට වඩා උත්පාදනය වැඩි වන විට, අතිරේක බලශක්ති ඒකක ප්‍රමාණය ජාතික පද්ධතිය වෙත එක් කෙරෙන අතර, එය ඊළඟ බිල්පත්කරණ මාසය වෙත ඉදිරියට ගෙන යනු ඇත.
අපගේ බලපත්‍ර සැපයුණු ප්‍රදේශවල සිටින උනන්දවක් දක්වන පාරිභෝගිකයින්ට මේ පිළිබඳ වැඩි විස්තර සහ අදාළ අයදුම්පත් අපගේ ශාඛා කාර්යාලවලින් ලබා ගෙන ඊළඟ සම්බන්ධතාවය සඳහා අයදුම් කළ හැකිය. අවශ්‍ය උත්පාදන සහ පද්ධති සම්බන්ධතා උපකරණ අපගේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් මිලට ගැනීමට පුළුවන.
මෙම ජාතික ව්‍යාපෘතිය සඳහා අප සමඟ එක් වන ලෙස මෙයින් අපි ඔබට ඇරයුම් කරමු.
ශුද්ධ මනුකරණය ක්‍රියාත්මක අපගේ බලපත්‍ර සැපයුණු ප්‍රදේශ
ලෙකෝ සතුව ශ්‍රී ලංකාවේ බලශක්ති මනු නිෂ්පාදනයාගාරයක් තිබෙන අතර එයින් රටේ සමස්ත බලශක්ති මනු අවශ්‍යතාවයම සම්පුර්ණ කෙරේ. මෙය ස්ථාපිත කර ඇත්තේ චීනයේ ඇන්ටි මීටරිං සමාගමේ හවුල්කාරීත්වය ඇතිවය. සාර්ක් කලාපයේ වෙළඳපලද ඉලක්ක කර ගනිමින් වසරකට 500,000ක මනු ඉලක්කයක් ඇතිව මෙම කම්හල සැලසුම් කර තිබේ. මෙම කම්හලේ ඇති අති තාක්ෂණිකමය ස්වභාවය හේතුවෙන් සහ විදුලිබල උපයෝගීතා මෙහෙයුම් සඳහා බලශක්ති මනුවල ඇති වැදගත්කම මෙය ශ්‍රී ලංකාවේ එක් පුරෝගාමී කර්මාන්තයක් ලෙසට සැලකේ. මෙම කම්හලට එකලා හෝ තෙකලා විද්‍යුත් කාර්මික හා විද්‍යුත් මනු නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබේ. තවද, පෙර ගෙවුම් මනු, AMR මනු සහ BPL මනු වැනි අධි තාක්ෂණ මනු නිෂ්පාදනය කිරීමටද මෙහි හැකියාව තිබේ. එසේම, බහුකාර්ය බහු අදියර මනු, බුද්ධි මනු, පෙර ගෙවුම් මනු සහ AMR සක්‍රිය කළ මනු වැනි උසස් තාක්ෂණ හා විද්‍යුත් බලශක්ති මනු නිපදවීමට පහසුකම් සැලසීමට උසස් බලශක්ති මනු තාක්ෂණයෙන් මෙම ව්‍යාපාරය සහාය දේ.