
ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) සැපයුම හා යටිතල පහසුකම්
1. ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) සැපයුම හා යටිතල පහසුකම්
යෝජිත විදුලි බලාගාර සඳහා ද්‍රවීකෘත ස්වභාවික වායු සැපයීම සඳහා පහත දැක්වෙන ව්‍යාපෘති සම්පූර්ණ කළ යුතුව ඇත.
- කෙරවළපිටියේ පිහිටුවන පාවෙන ප්‍රතිවායුකරණ ගබඩාකරණ ඒකකය (FSRU) හා නෞකාංගන පද්ධතිය – ලංකා විදුලිබල මණ්ඩලය මගින් ඉදිකිරීම, හිමිකාරීත්වය හා මෙහෙයුම් (BOO) පදනමින් ක්‍රියාත්මක කරයි. යෝජනා කැඳවීමේ ලේඛන, ආසියානු සංවර්ධන බැංකුව මගින් පත් කරන ලද උපදේශකයන්ගේ සහය ඇතිව ලංකා විදුලිබල මණ්ඩලය මගින් පිළියෙල කරනු ලබන අතර, ව්‍යාපෘති කමිටුව මගින් යෝජනා කැඳවීමේ ලේඛන සමාලෝචනය කරනු ඇත.
- පාවෙන ප්‍රතිවායුකරණ ගබඩාකරණ ඒකකයේ (FSRU) සිට විදුලි බලාගාර දක්වා වායු නල මාර්ග පද්ධතිය ඉදි කිරීම – වායු නල මාර්ග පද්ධතිය ඉදිකිරීමේ වගකීම ලංකා ඛනිජතෙල් සංස්ථාව (CPC) සතු වේ.
- ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) සැපයුම – විදුලි බලාගාරවලට වසර 5ක කාලයක් සඳහා LNG සැපයීමට විශේෂ බලපත්‍රයක්, බලශක්ති අමාත්‍යවරයා විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා දෙනු ඇත.
ඉහත ව්‍යාපෘතියේ වාණිජ මෙහෙයුම් කටයුතු වර්ෂ 2024 දී ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.
2. ජපාන රජය සමග කෙරවළපිටියෙහි ඉදි කරන ස්වභාවික ද්‍රවීකෘත වායු (LNG) බලාගාරය
ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති අතර, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජපාන රජය සමග සහයෝගීතා සහ අවබෝධතා ගිවිසුම් අත්සන් කරන ලදී. ව්‍යාපෘතිය සඳහා කෙරවළපිටිය ප්‍රදේශයේ හෙක්ටෙයාර 100ක භූමියක් හඳුනාගෙන ඇත. දිගු කාලීන බදු පදනම මත ලංකා විදුලිබල මණ්ඩලය වෙත ඉඩම් අත්පත් කර ගැනීම සඳහා කටයුතු කරමින් පවතී.
3. ඉන්දියානු ආයෝජන මත කෙරවළපිටියෙහි ඉදි කරන ස්වභාවික ද්‍රවීකෘත වායු (LNG) බලාගාරය
මෙම ව්‍යාපෘතිය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉන්දියාවේ සීමාසහිත ජාතික බලශක්ති සංස්ථාව (NTPC, India) සමග සාකච්ජා ආරම්භ කර ඇත.
