විෂයපථය
දිගුකාලීන විදුලි ජනන සැලැස්ම උපයෝගී කර ගනිමින්, සියලුම නාගරික හා ග‍්‍රාමීය ප‍්‍රජාවගේ අවශ්‍යතාවයන් සඳහා විදුලි බල අවශ්‍යතා සපුරාලීම හා ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරවල වෙළඳපළ තරගකාරීත්වය තහවුරු වන විදුලි බලය සැපයීම හා බලශක්ති සුරක්ෂිතතාවය ස්ථාපිත කිරීම.
කාර්යයන් හා කර්තව්‍යයන්
විදුලිබල අමාත්‍යවරයාගේ උපදෙස් හා මගපෙන්වීම මත “අඩු වියදම් බලශක්තිය ලබාගැනීම සහතික කිරිම” සඳහා අදාළ නීති සහ අණපනත්වලට අනුකූලව සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන විෂයයට අදාළ ප‍්‍රතිපත්ති සම්පාදනයට සහාය වීම, ජාතික අයවැය හා ආයෝජන වැඩපිළිවෙල යටතේ ඇති ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම සහ පහත දැක්වෙන දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනයන්හි විෂයයන් හා කාර්යයන් හා ඊට අදාළ ප‍්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම, පසු විපරම් කිරීම හා ඇගයීම.
සුවිශේෂී ප‍්‍රමුඛතා
- කැලණිතිස්ස බලාගාරය ස්වභාවික වායු ටර්බයින ආශ‍්‍රිත බලාගාරයක් බවට පත් කිරීම සහ කෙරවලපිටිය බලාගාරය පුළුල් කිරීම
- ජනනය කරන ලද විදුලිබලයේ කාර්යක්ෂමතාව සහ උපරිම භාවිතය සහතික කිරීම සඳහා සුහුරු ජාලයක් සංවර්ධනය කිරීම
- නිවාස, කාර්යාල හා කර්මාන්තශාලා සඳහා අඩු වියදම් විදුලි බල ලබා ගැනීම සහතික කිරීමට සුර්ය බල පද්ධති භාවිතය දිරිමත් කිරීම
- කොළඹ ප‍්‍රදේශයේ ඇති සියලුම ඉන්ධන බලාගාර, ස්වාභාවික වායු ටර්බයින බලාගාර බවට පරිවර්තනය කිරීම
- ගෘහ කුටුම්භ හා කුඩා ව්‍යාපාර සඳහා අඩු වියදම් බලශක්තිය ලබා ගැනීම සහතික කිරීම සඳහා වහල මත සවි කරන ලද සූර්යකෝෂ පද්ධති භාවිතය දිරිමත් කිරීම
- පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීමට පෞද්ගලික අංශය හා ව්‍යවසායකයන් දිරිමත් කිරීම
- 2020 වන විට බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරය, 2021 වන විට උමා ඔය, 2023 වන විට මොරගොල්ල හා 2024 වන විට තලපිටිගල සහ සීතාවක ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම
- 2021 වන විට මන්නාරම සුළං බලාගාරය මඟින් බලශක්තිය මෙගා වොට් 100 ක් සහ මන්නාරම, පූනරීන් සහ මොණරාගල ප‍්‍රදේශවල සුළං හා සූර්ය බලශක්ති ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමෙන් මෙගා වොට් 800 ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීම
ව්‍යවස්ථාපිත ආයතන
- ශ‍්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය
- ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව
- ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය