aea_logo ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ විෂය පථයට අයත් 1969 අංක 19 වන පරමාණුක බලශක්ති අධිකාරි පනත මඟින් පිහිටුවන ලදි. බොහෝ උපකරණ පරාසයක් තුළ පුළුල් ලෙස විහිදී ඇති විකිරණ හා විකිරණ සමස්ථානික තාක්ෂණයට ශ්‍රී ලංකාවේ වෛද්‍ය, කෘෂිකාර්මික, කාර්මික හා පාරිසරික අංශවල වැදගත් සංවර්ධනයක් ඇති කළ හැකි වේ. ඉහත සඳහන් කළ ක්ෂේත්‍රවල මෙම තාක්ෂණය භාවිතයට පහසුකම් සැලසීමේ වගකීම සහ විකිරණය සහ විකිරණ සමස්ථානිකයන්හි සියලු භාවිතයන් අන්තර්ජාතික වශයෙන් පිළිගත් ආරක්ෂණ ප්‍රමිති අනුව සිදු කෙරෙන බවට වගබලා ගැනීමේ වගකීම පරමාණුක බලශක්ති අධිකාරිය සතු වේ.

දර්ශනය

පරමාණුක බලශක්ති අධිකාරියේ දර්ශනය වනුයේ ආරක්ෂාව සඳහා නිසි සැලකිල්ල යොමු කරමින් න්‍යෂ්ටික තාක්ෂණය සාමකාමී ලෙස භාවිතා කිරීම හා අදාළ ක්‍රියාකාරකම් සඳහා ජාතික අදාළත්වය සහ අන්තර්ජාතික පිළිගැනීම කෙරෙහි අවධාරණය ලබා දෙමින් විශිෂ්ටත්වයේ මධ්‍යස්ථානයක් බවට පත් වීමය.

මෙහෙවර

රටේ සමාජ-ආර්ථීක සංවර්ධනයට උදෙසා තත්ත්වය සහ ප්‍රමාණයට පරිශීලනය ලබා දෙමින් වැය ප්‍රතිලාභී ආකාරයකින් න්‍යෂ්ටික තාක්ෂණය එහි උපරිම හැකියාව දක්වා උපයෝජනයට පහසුකම් සැලසීම; සහ විකිරණ ආරක්ෂාව පිළිබඳ අන්තර්ජාතික ප්‍රමිතීන් හා අනුකූල වෙමින්, අයනීකරණ විකිරණයේ බලපෑම්වලින් ඇති විය හැකි හානිවලින් සේවකයන්, මහජනතාව සහ පරිසරයයේ ආරක්ෂාව තහවුරු කිරීමට නියාමන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.

පරමාණුක බලශක්ති අධිකාරියේ ඉදිරිපත් කිරීම

download_button

aea_logoශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ විෂය පථයට අයත් 1969 අංක 19 වන පරමාණුක බලශක්ති අධිකාරි පනත මඟින් පිහිටුවන ලදි. බොහෝ උපකරණ පරාසයක් තුළ පුළුල් ලෙස විහිදී ඇති විකිරණ හා විකිරණ සමස්ථානික තාක්ෂණයට ශ්‍රී ලංකාවේ වෛද්‍ය, කෘෂිකාර්මික, කාර්මික හා පාරිසරික අංශවල වැදගත් සංවර්ධනයක් ඇති කළ හැකි වේ. ඉහත සඳහන් කළ ක්ෂේත්‍රවල මෙම තාක්ෂණය භාවිතයට පහසුකම් සැලසීමේ වගකීම සහ විකිරණය සහ විකිරණ සමස්ථානිකයන්හි සියලු භාවිතයන් අන්තර්ජාතික වශයෙන් පිළිගත් ආරක්ෂණ ප්‍රමිති අනුව සිදු කෙරෙන බවට වගබලා ගැනීමේ වගකීම පරමාණුක බලශක්ති අධිකාරිය සතු වේ.

දර්ශනය

පරමාණුක බලශක්ති අධිකාරියේ දර්ශනය වනුයේ ආරක්ෂාව සඳහා නිසි සැලකිල්ල යොමු කරමින් න්‍යෂ්ටික තාක්ෂණය සාමකාමී ලෙස භාවිතා කිරීම හා අදාළ ක්‍රියාකාරකම් සඳහා ජාතික අදාළත්වය සහ අන්තර්ජාතික පිළිගැනීම කෙරෙහි අවධාරණය ලබා දෙමින් විශිෂ්ටත්වයේ මධ්‍යස්ථානයක් බවට පත් වීමය.

මෙහෙවර

රටේ සමාජ-ආර්ථීක සංවර්ධනයට උදෙසා තත්ත්වය සහ ප්‍රමාණයට පරිශීලනය ලබා දෙමින් වැය ප්‍රතිලාභී ආකාරයකින් න්‍යෂ්ටික තාක්ෂණය එහි උපරිම හැකියාව දක්වා උපයෝජනයට පහසුකම් සැලසීම; සහ

විකිරණ ආරක්ෂාව පිළිබඳ අන්තර්ජාතික ප්‍රමිතීන් හා අනුකූල වෙමින්, අයනීකරණ විකිරණයේ බලපෑම්වලින් ඇති විය හැකි හානිවලින් සේවකයන්, මහජනතාව සහ පරිසරයයේ ආරක්ෂාව තහවුරු කිරීමට නියාමන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.