leco_logo

ලංකා විදුලි (පෞද්ගලික) සමාගම යනු විදුලිබලය බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකාවේ අංක 17 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති සීමිත වගකීම් සමාගමකි. ලෙකෝ හි වර්තමාන පාර්ශ්වකරුවන් වනුයේ ලංවිම, නාගරික සංවර්ධන අධිකාරිය, රජයේ භාණ්ඩාගාරය සහ පළාත් පාලන ආයතන හතරකි. සාර්ථක වෙළඳ ව්‍යාපාරයක් ලෙස ලෙකෝහි අසමසම ජයග්‍රහණය වනුයේ ජාල වැඩිදියුණු කිරීම් සඳහා විදේශීය අරමුදල් ආකර්ශනය කර ගැනීමේ අභියෝගය දිනා ගැනීමට එය සතු හැකියාවයි. ආසියානු සංවර්ධන බැංකුව මඟින් අරමුදල් සම්පාදනය කිරීම සඳහා වු පොරොන්දුව සමඟින් ලෙකෝ සමාගම කෙටි කාලයක් තුළ තාක්ෂණිකව ක්‍රියාත්මක වන ජාල සම්පතක් කාර්යක්ෂම සහ ලාභ උපයන ජාලයක් බවට පත් කරන ලදි. පාරිභෝගිකයින් 12 ,000කට විදුලිය සැපයීමට කෝට්ටේ නගර සභාවේ විදුලිබල පද්ධති තුළ බෙදාහැරී‍ම භාර ගනිමින් ලෙකෝ සිය මෙහෙයුම් කටයුතු 1984 දී ආරම්භ කරන ලදි.

අප පාරිභෝගිකයින් 460,000කට සේවා සලසන අතර එයින් 87%ක්ම ගෘහස්ථ පාරිභෝගිකයින් වේ. කර්මාන්ත හා වාණිජ පාරිභෝගිකයින් සංඛ්‍යාව 12%ක් වන අතර ඉතිරි 1% අපේක්ෂිත පාරිභෝගිකයින්ය. අපගේ බලශක්ති මිලට ගැනීමේ ස්ථානයන්වල 369MW ස්ථාපිත ධාරිතාවයක් සහිතව අපේ සමස්ත බලශක්ති විකුණුම් ප්‍රමාණය ආසන්න වශයෙන් 1000 GWh ක් පමණ වේ. අලෙවි කරනු ලබන බලශක්තියෙන් 44%ක් පාරිභෝජනය කරන්නේ ගෘහස්ත පාරිභෝගිකයින් වන අතර 53%ක් වාණිජ හා කර්මාන්ත පාරිභෝගිකයින් වේ. ඉතිරි 3% පාරිභෝජනය කරන්නේ ආගමික පාරිභෝගිකයින් වන අතර 2%ක් විදුලි ආලෝකය සඳහාත් යෙදවේ. ලෙකෝ පාරිභෝගිකයින්ගෙන් 50%ක් මසකට 150kWh කට වඩා අඩු විදුලිය ප්‍රමාණයක් පාරිභෝජනය කරන අතර, 10%ක් මසකට 600kWh කට වඩා අඩුවෙන්ද, 90%ක් 100kWhකට වඩා අඩුවෙන්ද පරිභෝජනය කරයි. අපගේ ජාලයට දහවල් කාලයේ දළ වශයෙන් 280MWක උපරිම ඉල්ලුමක්ද රාත්‍රී කාලයේ 300MWක උපරිම ඉල්ලුමක්ද තිබේ.

දැක්ම

නව්‍ය පරිසර හිතකාමී කටයුතු තූළින් ජනාදරය පතා ආලෝකයක් වෙමින් කටයුතූ කිරීම.

අපගේ මෙහෙවර

අඛණ්ඩ නව්‍යකරණයන් තුළින් සමාජය වෙත හොඳම බලශක්ති විසඳුම් ලබා දීම.