You are here:

Homeඅප පිළිබඳවගරු ඇමති තුමාගේ පණිවුඩය

විදුලියේ බලය ලොව සිසාරා පතුරවමින් ….

ශ්‍රී ලංකාව, ආසියාවේ ආලෝකය කරා ගෙනයන ගමනට එක්වෙමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතනයන්ගේ භෞතික මෙන්ම මානව සම්පත වඩාත් කාර්යක්ෂම මෙන්ම ඵලදායි ආකාරයෙන් හසුරුවමින්, ඒ තුළින් රටට සිදුවන්නාවූ අනුපමේය සේවය මුළු ලොවටම කියාපාන්නට, විෂයභාර අමාත්‍යවරයා වශයෙන් නායකත්වය ලබාදීමට අවස්ථාවක් උදාවීම අතිශයින් සතුටට හේතුවන කරුණකි.

තාක්ෂණයේ දියුණුව මත සමස්ත ලොවම එකම ගමක් බවට පත්ව ඇති අද දවසේ, ලාංකීය සංවර්ධනයේ පෙරමං කියාපාන්නට සැදීපැහැදී සිටින, මිනිසා කෙරෙහි වඩාත් සංවේදී මෙන්ම අත්‍යාවශ්‍යය සේවාවක් සපයන විදුලිබල අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතනයන් පිළිබඳව සමස්ත ලෝකය වෙත කියාපාන්නට මෙවැනි වෙබ් අඩවියක් පැවතීම ඉතාමත් කාලෝචිත බව මාගේ හැඟීමයි.

ලෝකයේ කොතැනක සිටින්නෙකුට වුවද ලාංකීය විදුලිබල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දැනුවත් වීමටත්, අදාළ කරුණු සම්බන්ධයෙන් සිය අදහස් පළ කිරීමටත් අවස්ථාව උදාකරදීම තුළින්, එක් පැත්තකින් මෙම අඩවියට පිවිසෙන්නන්හට පුද්ගලික වශයෙන් විශාල දැනුම් සම්භාරයක් උකහා ගැනීමටත්, අනෙක් පැත්තෙන් සමස්තයක් වශයෙන් ගත්කළ එක් එක් පුද්ගලයින්ගේ අදහස් දැක්වීම් තුළින් විදුලිබල ක්ෂේත්‍රයටත් යම් වාසිදායක තත්ත්වයන් උදාකර ගත හැකිවේ.

සංවර්ධනයේ යෝධ පියවරක් තබමින් මුළු දිවයින විදුලියෙන් ඒකාලෝක කිරීමේ වෑයම යථාර්ථයක් කරනු වස්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාාංශය සහ ඊට අනුබද්ධ ආයතනයන් එක්ව මේ වනවිට දියත්කර තිඛෙන ව්‍යාපෘතීන් මෙන්ම එම ව්‍යාපෘතීන්ගේ සියලූ දත්තයන්ද, ඊට අමතරව සමස්ත දිවයිනේ දෛනික විදුලි පරිභෝජනය, විදුලි උත්පාදනය, සම්ප්‍රේෂණ කර්තව්‍යය මෙන්ම විදුලිය ඛෙදාහැරීමේ ජාලය පිළිබඳ මනා දැනුමක් ලබාගන්නට හැකිවන අයුරින් මෙම වෙබ් අඩවිය නිරන්තරව යාවත්කාලීන කරනු ලබයි.

ගතවන සෑම තත්ත්පරයක්ම හරවත් යමක් වෙනුවෙන් කැපකරන උගත් බුද්ධිමත් ජනතාවට සිය ඥාන කෝෂය වර්ධනය කරගැනීම උදෙසා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයීය වෙබ් අඩවියට පිවිස, එහි සැරිසරන්නට අපි ඇරයුම් කරමු.

රංජිත් සියඹලාපිටිය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය