You are here:

Homeඅප පිළිබඳවබලශක්ති ප්‍රතිපත්තිය

ministry_logo ශ‍්‍රී ලංකාවේ බලශක්ති අංශය මුහුණ පා ඇති අභියෝගයන් බොහෝය. අඛණ්ඩ විදුලිබල සැපයුමක් හා ඛණිජ තෙල් නිෂ්පාදන සැපයුමක් සහතික කරමින් දේශීය බලශක්ති සම්පත් හා ආනයනික පාෂාණිභූත ඉන්ධන අතර උපායමාර්ගික සමතුලිතතාවයක් පවත්වා ගැනීමට වර්ධනය වන ආර්ථිකයට සිදු වේ. ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් හතරෙන් එකක් වෙත තමවත් ගෘහමය අවශ්‍යතා සඳහා විදුලිබලය ලබාදිය යුතුව ඇත. වාණිජ බලශක්ති උපයෝගිතා ආයතනයන්හි මූල්‍යමය ශක්‍යතාවය හා සේවා ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා තවදුරටත් ඒවා ශක්තිමත් කළ යුතුව තිබේ. බලශක්ති සේවාවන්හි ආයෝජනය, මෙහෙයවීම, නියාමනය හා බෙදාහැරීම සම්බන්ධයෙන්

රටේ ජනතාවගේ දායකත්වය වැඩි කළ යුතුය. මෙම ලේඛනයෙන් ශ‍්‍රී ලංකාවේ බලශක්ති ප‍්‍රතිපත්තිය ප‍්‍රකාශ කෙරෙන අතර ශ‍්‍රී ලංකා රජය සහ එහි ජනතාව සිය සහශ‍්‍ර සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීමට හැකි වන පරිදි බලශක්ති අංශය සංවර්ධනය හා කළමනාකරණය කර ගැනීමට ඉදිරි වර්ෂවලදී කටයුතු කරන ආකාරය හා අදාළ ක‍්‍රියාත්මක කිීරීමේ උපායමාර්ග, නිශ්චිත ඉලක්ක හා කඩඉම් පිළිබඳව ද පැහැදිලි කෙරේ. ජනතාවගෙන් විශාල කොටසකට දැරිය හැකි මිලකට බලශක්ති සේවා සැපයීම පුළුල් කිරීමට, බලශක්ති අංශයේ සැලසුම්කරණය, කළමනාකරණය හා නියාමනය ප‍්‍රවර්ධනය කිරීමට සහ වාණිජ බලශක්තියේ වැදගත් සම්පතක් ලෙස ජෛවස්කන්ධ සඳහා නව ජීවයක් ලබාදීමට නිශ්චිත නව ආරම්භයන් මෙම ප‍්‍රතිපත්තියෙහි ඇතුළත් වේ. නිශ්චිත ඉලක්කයන් වෙත ල`ගාවීම සඳහා වන එක් එක් ප‍්‍රතිපත්ති මූලිකාංගය සහ ඒ හා සම්බන්ධ උපායමාර්ග ක‍්‍රියාත්මක කිරීමේ ආයතනික වගකීම් ද මෙම ලේඛනයෙහි දක්වා තිබේ. මෙම ශ‍්‍රී ලංකාවේ ජාතික බලශක්ති ප‍්‍රතිපත්තිය සහ උපායමාර්ග ප‍්‍රකාශයට පත්කිරීමට පෙර එහි කෙටුම්පත සම්බන්ධයෙන් කොටස්කරුවන් විශාල පිරිසක් සමග සාකච්ඡා කොට හා මහජනතාවගේ අදහස් ලබාගෙන අවශ්‍ය සංශෝධනයන් සිදුකොට තිබේ. මෙම ශ‍්‍රී ලංකාවේ ජාතික බලශක්ති ප‍්‍රතිපත්තිය සහ උපායමාර්ග වර්ෂ තුනක කාලයකට පසු සමාලෝචනය කර සංශෝධනය කරනු ලැබේ.

හැඳින්වීම

1.1  බලශක්ති සැපයුම

ශ‍්‍රී ලංකාවේ බලශක්ති සැපයුම ප‍්‍රධාන වශයෙන් ජෛවස්කන්ධ, ඛණිජ තෙල් හා ජල විදුලිබලය යන මූලික සම්පත් තුන මත පදනම් වී තිබේ. 2004 වර්ෂයේදී රටේ ජල විදුලිබල නිෂ්පාදනය කේටී ඕඊ 1 710.7 2 ක් වූ අතර ජෛවස්කන්ධ පාදක බලශක්ති සැපයුම කේටී ඕඊ 4, 513.3ක් විය. ආනයනික බොරතෙල්වලින් සහ ඞීසල් හා ද්‍රව පෙට්‍රෝලියම් වායුව වැනි නිමි ඛණ්ිජ තෙල් නිෂ්පාදනවලින් ආසන්න වශයෙන් කේටී ඕඊ 4,131.9ක් සපයන ලදී. එයට අමතරව, සාම්ප‍්‍රදායික නොවන සම්පත් (ප‍්‍රධාන වශයෙන් සුළං* මගින් කේටී ඕඊ 3.6 ක මූලික බලශක්තියත් සපයමින් ආසන්න වශයෙන් කේටී ඕඊ 9, 359.5 ක සමස්ත මූලික බලශක්තියක් සපයන ලදී. 2004 වර්ෂයේ දී ජාතික බලශක්ති සම්පාදනයට 48.2% ක් ජෛවස්කන්ධවලින් ද, 44.2% ක් බොර තෙල් සහ ඛණිජ තෙල් නිෂ්පාදනවලින් ද, ජල විදුලිබලයෙන් සහ වෙනත් පුනර්ජනනීය මූලාශ‍්‍රවලින් හා 7.6%ක් ද ලෙස මූලික බලශක්ති දායක විය. ශ‍්‍රී ලංකාවේ සාම්ප‍්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති සම්පත් භාවිතය සාපේක්ෂ වශයෙන් කුඩා ප‍්‍රමාණයක් බැවින් එහි වත්මන් දායකත්වය මහා පරිමාණ බලශක්ති නිෂ්පාදනය තුළ අඩු වැදගත්කමක් දරයි.

1.2 බලශක්ති ඉල්ලූමේ වර්ධනය

රටේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සමග සිදුවන වැඩිවන බලශක්ති ඉල්ලූම හේතුකොට ගෙන වාර්ෂිකව 3%ක සාමාන්‍ය වර්ධන වේගයකින් වැඩිවී මුළු මූලික බලශක්ති ඉල්ලූම වසර 2020 වන විට කේටී ඕඊ 15,000 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. විදුලිබල හා ඛණිජ තෙල් උපඅංශ 7%- 8% ක පමණ ඉහළ වාර්ෂික වර්ධන වේගයක් වාර්තා කරනු ඇත. ශ‍්‍රී ලංකාවේ තිබෙන මහා පරිමාණ දේශීය මූලික බලශක්ති සම්පත් වන ජල විදුලිබලය සහ ජෛවස්කන්ධ ආශ‍්‍රිත බලශක්ති සැපයුම් නුදුරු අනාගතයේදී ආන්තික වශයෙන් පමණක් වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සංවර්ධනය සඳහා ඉතිරිවී ඇති මහා පරිමාණ ජල විදුලිබල සම්පත්වල අඩු ආර්ථික ශක්‍යතාවය නිසා තවදුරටත් ජලවිදුලිබල සංවර්ධනය සීමාවීම හා ජනතාවගේ ජීවන තත්ත්වය ක‍්‍රමයෙන් ඉහළයාම සමග ජෛවස්කන්ධවල භාවිතය සීමාවීම මෙයට ප‍්‍රධාන වශයෙන් හේතු වී ඇත. මෙයින් අදහස් වනුයේ මධ්‍යකාලීන වශයෙන් රටේ වැඩිවන මූලික විදුලිබල අවශ්‍යතා ප‍්‍රධාන වශයෙන්ම සපුරාලීමට සිදු වන්නේ ආනයනික පාෂාණිභූත ඉන්ධනවලින් බවයි. දිගුකාලීන වශයෙන් දේශීය ඛණිජ තෙල් සම්පත් හා සාම්ප‍්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්තීන්හි වේගවත් සංවර්ධනයන් තුළින් ශ‍්‍රී ලංකාවේ මූලික බලශක්ති සම්පත් සංකලනයේ කැපී පෙනෙන වෙනස්කමක් ඇති කරවනු ඇත.

1.3 බලශක්ති අංශයේ පාලනය

විදුලිබලය හා ඛණිජ තෙල් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන වානිජ බලශක්ති සැපයුම් උපඅංශ දෙක වේ. රජය සතු උපයෝගීතා ආයතන මගින් විශාල වශයෙන් සේවය ලබන මෙම උපඅංශ දෙකම වර්තමානයේ දී ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාදාමයකට භාජනය වෙමින් පවතී. ජෛවස්කන්ධ ද වැදගත් වාණිජ බලශක්තියක් ලෙස ඉදිරියට එමින් පවතී.

විදුලිබල සැපයුම් කර්මාන්තය, රාජ්‍ය අංශයේ ආයතන වන ලංකා විදුලිබල මණ්ඩලය හා ලංකා විදුලි (පෞද්ගලික * සමාගම විසින් පාලනය කෙරේ. ලංකා විදුලිබල මණ්ඩලය සිරස්ව හා තිරස්ව කොටස්වලට වෙන්කර ජනනය සඳහා එක් සමාගමක්, එක් සම්පේ‍්‍රෂණ සහ තොග විදුලි වාණිජ සමාගමක් හා බෙදාහැරීමේ සමාගම් කිහිපයක් ඇති කිරීමට අපේක්ෂා කෙරේ. ශ‍්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවක් ආකාරයෙන් වන නියාමන ව්‍යුහයක් විදුලිබල හා ඛණිජ තෙල් කර්මාන්ත ද ඇතුළු සියලූ භෞතික යටිතල පහසුකම් අංශ සඳහා දැනටමත් පිහිටුවා ඇත.

භෞතික යටිතල පහසුකම් අංශ නියාමන කිරීම සඳහා 2002 අංක 35 දරන ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනත යටතේ ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනටමත් පිහිටුවා තිබුණ ද, එයට නියාමනය සිදු කිරීමට බලය ලැබෙනුයේ අදාළ කර්මාන්ත පිළිබඳ පනත් සම්මත කර ක‍්‍රියාත්මක කළ විට පමණි. වර්තමානයේ ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ ලැයිස්තුගතකර ඇත්තේ විදුලිබල කර්මාන්තය, ජල සම්පාදන සේවා කර්මාන්තය සහ ඛණිජ තෙල් කර්මාන්තය පමණි. දැනට, ඛණිජ තෙල් පිරිපහදු ව්‍යාපාරයේ තනි ක‍්‍රියාකාරිකයා වන රජය සතු ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) විසින් මුළු ද්‍රව පෙට්‍රෝලියම් වායු සැපයුමෙන් 15% ක් පමණ සැපයීමෙන් කරන දායකත්වය හැරුණ විට, මුළු ද්‍රව පෙට්‍රෝලියම් කර්මාන්තය සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශය සතු වේ. සිපෙට්කෝ සමාගම මේ වන විටත් ඛණිජතෙල් බෙදා හැරීමේ කටයුතුවලදී ලංකා ඉන්දියානු තෙල් සමාගම හා තරග කරමින් සිටී. තුන්වන පාර්ශ්වයකටද ඛනිජ තෙල් බෙදාහැරීමට සම්බන්ධ විය හැකි නමුත් රටට හා එහි පාරිභෝගකයන්ට ළිහිල්කරණයෙන් සහ ඛනිජ තෙල් උපඅංශයේ ආංශික පෞද්ගලීකරණයකින් අපේක්ෂා කළ හැකි ප‍්‍රතිලාභ අඩුකම නිසා රජය තාවකාලිකව අත්හිටුවා තිබේ. අනාගත ඛණිජතෙල් උපඅංශ නියාමකයා වන ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඛණිජ උපඅංශයේ අනාගත ව්‍යුහය පිළිබඳ තීරණ ගැනීමේ බලය හිමි වනු ඇත.

විදුලිබල හා ඛණිජතෙල් උපඅංශ මෙන් නොව ජෛවස්කන්ධ උපඅංශය තවමත් විධිමත් ලෙස සංවිධානය වී නැත. විදුලිබල උත්පාදනය සඳහා මූලික බලශක්තියක් ලෙස ජෛවස්කන්ධවල දායකත්වය වැදගත් වන නව සංවර්ධනයන් සමගින් ජෛවස්කන්ධ උප අංශයද වඩා සංවිධානාත්මක වනු ඇත.

මෙම ප‍්‍රතිපත්ති ලේඛනයෙහි  “ශ‍්‍රී ලංකාවේ ජාතික බලශක්ති ප‍්‍රතිපත්තිය සහ උපායමාර්ග” කොටස් තුනකින් විස්තර කොට තිබේ.

•    ශ‍්‍රී ලංකාවේ බලශක්ති අංශයේ සංවර්ධනය සහ අනාගත දිශාව මෙහෙවන මූලික ප‍්‍රතිපත්ති  “බලශක්ති ප‍්‍රතිපත්ති මූලිකාංග” වල අඩංගු වේ.

•    එක් එක් ප‍්‍රතිපත්ති මූලිකාංගය ඉටුකර ගැනීමට අවශ්‍යකරණ ක‍්‍රියාත්මක කිරීමේ රාමුව  “ක‍්‍රියාත්මක කිරීමේ උපායමාර්ග” වලින් දැක්වේ.

•    උපායමාර්ග ක‍්‍රියාත්මක කිරීම සඳහා වන ජාතික ඉලක්ක සහ සැලසුම්කරණ හා ආයතනික වගකීම්  “නිශ්චිත ඉලක්ක, කඩඉම් සහ ආයතනික වගකීම්   වලින් දැක්වේ.

View the full document in PDF format

download_button