Posted by superadmin in Latest News
“විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ අඛණ්ඩ මෙන්ම ගුණාත්මක සේවාවක් වෙනුවෙන් නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා
සුවිශාල ශක්තියක් වේවි ….. ”
අමාත්‍ය කංචන විජේසේකර
“ලංකා විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව මේ වනවිට පවතින තත්ත්වයෙන් ගොඩගැනීමට අපි පියවර ගෙන තිබෙනවා. ජනතාවට අඛණ්ඩ මෙන්ම ගුණාත්මක සේවාවක් ලබාදෙමින්, අදාල ආයතන ලාභ ලබන තත්ත්වයට ගෙනඒම කඩිනම් කිරීමට අද දින වැඩ අරඹන රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා මට මහත් ශක්තියක් වේවි කියා බලාපොරොත්තු වෙනවා” යැයි විදුලබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කරයි.
විදුලිබල හා බශක්ති අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරු වශයෙන් අද ( 09) පෙරවරුවේ දිව්රුම්දුන් ඉන්දික අනුරුද්ධ හා ඩි.වී. චානක යන මහත්වරුන් සිය අමාත්‍ය ධූරයන්හි නිල වශයෙන් රාජකාරි ඇරඹීමේ අවස්ථාවට එක්වෙමින්, අමාත්‍යවරයා මේ බව පැවසීය.
රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා විදුලිබල අමාත්‍යංශ පරිශ්‍රයේදී සහ රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේදී මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ සිය ධූරයන්හි නිල වශයෙන් සිය රාජකාරි කටයුතු අරඹන ලදී. ඉතාමත් කෙටි මෙන්ම චාම් අවස්ථාවක් වූ මේ සදහා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ මෙන්ම ඊට අදාළ අනෙකුත් ආයතනයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ.