Posted by superadmin in Latest News
“සොබාදනව්“ මෙගාවොට් 350 ක් ජාතික විදුලිබල පද්ධතියට එක්කරනවා …
ශ්‍රී ලංකාවේ පළමු ස්වභාවික වායු බලාගාර ව්‍යාපෘතියවන කෙරවලපිටිය “සොබාදනව්“L.N.G. විදුලි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් විදුලිබල ඇමති පවිත්‍රා වන්නිආරච්චි කියයි.
“මෙගාවොට් 350ක ධාරිතාවයකින් යුත් “සොබාදනව්” ස්වභාවික ද්‍රවිකෘත වායු (LNG) විදුලි බලාගාරය තුළින් ලබන වසර වනවිට මෙගාවොට් 200 ක් ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට බලාපොරොත්තු වනවා. මෙම බාලාගාරය ඉතා දිගු කාලයක් ඉදිකිරීම ප්‍රමාද වූ ව්‍යාපෘතියක්. නිසි කලට මෙම බලාගාරය ඉදිකිරීමට සමත්වූවානම්, අද රට මුහුණ දී තිබෙන විදුලි අර්බුදය ඇති නොවෙන්නට ඉඩතිබුණා” යැයි විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.
අමාත්‍යවරිය මෙම අදහස් පළකරන ලද්දේ, කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිවන, “සොබාදනව්” නම් වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික ද්‍රවිකෘත වායු විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම වෙනුවෙන් ඊයේ (22) පස්වරුවේ පැවති විශේෂ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි.
මෙගාවොට් 350 ක ධාරිතාවයකින් සමන්විත කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිවන සොබාදනව් ද්විත්ව චක්‍රීය විදුලි බලාගාරය මේවන විට ඉදිකිරීම් මට්ටමේ පවතී. මීට වසර ගණනාවකට පෙර ඉදිකිරීමට යෝජිත වූ මෙම බලාගාරය, නොයෙකුත් හේතූන් මත මේ දක්වා ඉදිකිරිම් කටයුතු ප්‍රමාදවී තිබේ. නව රජයට බලයට පත්වීමත් සමගින් මෙම බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට හැකිවූ අතර 2023 වසර වනවිට මෙහි පළමු අදියර ඉදිකිරීම් කටයුතු නිමකර මෙගාවොට් 200 ක් ජාතික පද්ධතියට එක්කිරීමට සැලසුම් කර ඇති අතර මෙහි දෙවන අදියර 2024 වසර වනවිට නිමකර සම්පූර්ණ ධාරිතාවයවන මෙගාවොට් 350 ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට සැලසුම් කොට ඇත. මෙම බලාගාරයේ සියලුම සැලසුම් හා ඉදිකිරීම් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් විසින් සිදුකිරීම විශේෂත්වයකි.
මෙම අවස්ථාවට ලක්දනව් සමාගමේ සභාපති යූ.ඩී. ජයවර්ධන, ප්‍රධාන විධායක නිලධාරි එම්.ජේ.එම්.එන්. මරික්කාර්, නියෝජ්‍ය විධායක නිලධාරී ධම්මික නානායක්කාර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.