ලංකා ගල් අඟුරු සමාගමේ කටයුතු සොයා බැලීම සදහා එම ආයතනයේ නිරීක්ෂණ චාරිකාව
12 0

Posted by  in Latest News

විදුලිබල අමාත්‍ය  ගාමිණී ලොකුගේ මැතිතුමා අද (12) දින ලංකා ගල් අඟුරු සමාගමේ කටයුතු සොයා බැලීම සදහා එම ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

මෙහිදී ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති බී.කේ. ජගත් පෙරේරා මහතා විසින් අමාත්‍යතුමන් පිළිගෙන, සමාගමේ කාර්යභරය හා ආයතනික සංයුතිය පිළබදව දැනුවත් කරන ලදී. ලංකා ගල් අඟුරු සමාගමේ කොටස් වලින් 60% ක් ලංකා විදුලිබල මණ්ඩලයටද, 20% ක් මහා භාණ්ඩාගාරයටද, 10% ක් ශ්‍රී ලංකා නැව් සමාගමටද අයත් වන අතර 10% ක් වරාය අධිකාරියට අයත් වේ.

ආයතනයේ සේවක සේවිකාවන් සමග සුහද කතාබහකටද එක් වූ අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා, ගල් අඟුරු අනයනය කිරීමේදී අනුගමනය කරනු ලබන ක්‍රමවේදයන් පිළිබදව ඉතා දීර්ඝ වශයෙන්  විමසා බැලූ අතර වඩාත් විධිමත් ක්‍රමවේදයක් අනුව එම කටයුතු සිදුකිරීම සදහා ගල් අඟුරු සමාගමේ සභාපති ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් සපයන ලදී.