Posted by superadmin in Latest News
සෞභාග්‍යයේ හරිත දැක්මට දැදුරු ඔයේ දිය දහර ශක්තියක් වුණා….
කිලෝවොට් 1300 ක විදුලි ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරෙන දැදුරුඹය විදුලි බලාගාරය ජාතියට දායාද කරමින් ඇමති ඩලස් කියයි.
මල්වතු ඹයෙන් ගලා ආ අපේ මානව ශිෂ්ඨාචාරයේ නූතන සෞභාග්‍යයේ හරිත බලශක්ති වංශ කථාවට දැදුරු ඔයෙන් අද එක් වන්නේ විශ්ව හිතකාමී සොදුරු ආලෝකයක්. සාමාන්‍යයෙන් අප්‍රේල් 01 දාට අපට අසන්නට ලැබෙන්නේ, සත්‍ය හෝ හොද ආරංචි නොවෙයි. ලෝකයම පිළීගන්නේ එයයි. නමුත් ඒ විශ්වීය කැලැන්ඩරය වෙනස් කරමින් ඇත්ත පැල කරන්න අද අපට හැකි වුණා. මෙය ඉතිහාසයේ තවත් එක් පරිච්ඡේදයක් නොවෙයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනතා නායකත්වය පත්වෙලා ආරම්භ කළ ව්‍යෘපෘතියක් ජනතා අයිතියට කැප කරන අවස්ථාවක්. අනිත් පැත්තෙන් රටේ ඉතිහාසයේ වාරිමාර්ග, විදුලිබල, වංශ කතාවේ තවත් එක් පරිචඡේදයක්. මෙය විශ්වයටම වැදගත්වන, ආදරය කරන හරිත පරිච්ඡේදයක් යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ, අද (01) පෙරවරුවේ ඓතිහාසික ඇතුගල්පුරවරයේ ඉදිවූ දැදුරුඔය විදුලි බලාගාරය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
2008 වසරේදී ආරම්භ වූ දැදුරුඔය ජලාශ ව්‍යාපෘතියේ ජලාශය ඉදිකිරීම වෙනුවෙන් රු. මිලියන 11,000 ක් පමණ වැයවී ඇත. එහි සියලුම සැලසුම් හා ඉදිකිරීම් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් අතින් සිදුකර තිබේ. කිලෝවොට් 1300 ක විදුලි ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට නියමිත මෙම බලාගාරය, වසරකට ගිගාවොට් 4.8 ක් ජාතික පද්ධතියට එක්කිරීමට නියමිතය. මෙහි ඉදිකිරීම් කටයුතු වාරිමාර්ග දෙපාර්තමේන්තුව, විදුලිබල අමාත්‍යාංශය, සහ විදුලිබල මණ්ඩලය සාකච්ඡා කර ලංකා එනජීස් ආයතනයට පවරණ ලදී. 2019 වසරේ ඉදිකිරිම් ආරම්භ කළ මෙම දැදුරුඹය විදුලි බලාගාරය වසරකින් නිම කිරීමට එම සමාගම සමත්වී තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා,
චමල් රාජපක්ෂ මැතිතුමා මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් කැදවන්න තීරණය කළේ, දැදුරුඔයෙන් විදුලිය නිපදවන නිසාම නොවෙයි. දැදුරු ඔය ජලාශය ඉදිකරන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩු සමයේ වාරිමාරග අමාත්‍යවරයා ලෙස මේ භූමියේදීම දැඩි විරෝධතාවයන්ට මුහුණදීලා, නොකෙරෙන දීගයක් බවට පතවෙලා, අතහැර දමන්නට සූදානම් වූ අවස්ථාවේ, මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන්න ලබාදුන් විශිෂ්ඨ නායකත්වයට කෘතගුණ සලකන්නයි. පුනර්ජනනීය බලශක්තියට සෞභාග්‍යයේ දැක්ම තුළ ඉලක්ක දුන්නේ ඇයි. ජනාධිපතිතුමා තේරුම්ගත්තා අපේ ආර්ථිකය, පරිසරය දහනය වන්නෙ පොසිල ඉන්ධන මත බව. ඒ නිසයි අපට 2025ට 2030 ට වගේම 2050 ඉලක්ක ලබාදීලා තිබෙන්නේ. එතුමා තේරුම් ගත්තා අපේ ආර්ථිකය, පරිසරය දහනය වෙන්නේ, පොසිල ඉන්ධන මත බව. ඒ නිසයි එතුමා අපට ඉලක්ක ලබා දුන්නේ.
ඊයේ (31) දිනය තුළ ඩීසල් සහ දැවි තෙල් වලින් ජනනය කළ ගිගාවොට් ප්‍රමාණ පැය 15.3 ක්. මේ ප්‍රමාණය නිපදවීමේ දී කාබන් කිලෝග්‍රෑම් මිලියන 13ක්, ඒ කියන්නේ මෙට්‍රික්ටොන් 13,000 ක් පරිසරයට මුදාහැරලා තිබෙනවා. මේ අනුව සලකා බැලුවම, පුනර්ජනනීය බලශක්තිය කියන්නේ පරිසරය රැකගන්න මේතාක් කාලයක් තුළ සිදුකළ දැවැන්තම පරිත්‍යාගයයි. අතිගරු ජනාධිපතිතුමන් පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් ගත් තීරණය අපේ රටට සේත පිරිතක් හා සමානයි. විදුලිබල ක්ෂේත්‍රය වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ 2025 වනවිට ඩීසල් හා දැවි තෙල් වලින් විදුලිය නිෂ්පාදනය 5% ක් දක්වා අඩු මට්ටමකට ගෙන ඒමටයි. ඒ වගේම වසර 2030 වනවිට මෙම අගය 1% දක්වා අවම මට්ටමකට ගෙන ඒම අපේ ඊලග ඉලක්කයයි. මීට වඩා පරිසරයට ආදරය කරන්න, පරිසරය රැකගන්න කැපකිරීමක් කරන්න කිසිම කෙනෙකුට පුළුවන්ද.
මෙතෙක් කලක් තුළ සූර්ය බලයෙන් ජාතික විදුලිබල පද්ධතියට එකතුවී ඇත්තේ මෙගාවොට් 412 ක් පමණයි. නමුත් අපි මේ වනවිට දියත් කර ඇති ගමට බලාගාරයක් ව්‍යාපෘතිය යටතේ බලාගාර 7000 ක් තුළින් සූර්ය බලයෙන් පමණක් මෙගාවොට් 600ක් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට අපි සූදානම්. මේ එක ව්‍යාපෘතියක්. මේ ආකාරයෙන් තමයි විදුලිබල අමාත්‍යාංශය, පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය විදියට ජනාධිපතිතුමන් අපට ලබාදුන් ඉලක්කයන් අපි හඹාගෙන යන්නේ. ස්වභාවික ද්‍රව වායු බලාගාර රටට ගෙනෙන්න වසර 20 කට වැඩිය සාකච්ඡා කලා. ඒත් අපි නැවතීමේ ලකුණ තිබ්බේ නැහැ. ඉන්දන වලට වැය කරන වාර්ෂික මුදල, මැදපෙරදිග කතරේ කඹුරන අපේ අහිංසක අය වාර්ෂිකව ලංකාවට එවන මුදලට සමානයි. මේ තත්වයට අපි නැවතීමේ ලකුණ තැබිය යුතුයි. එවිටයි අපට ආර්ථිකය, පරිසරය ගොඩගන්න හැකිවන්නේ.
ඓතිහාසික ඇතුගල්පුරයේ පමණක් විදුලිය නොමැති නිවාස 4781ක් තිබෙනවා. ලොකු ලොකු දේශපාලන පුරාසරම් දෙඩෙව්වට තත්ත්වය මේකයි. මේ වසරේ අප්‍රේල් අවසන් වීමට පෙර අපි මේ තුළින් අඩු ආදායම්ලාභීන් 2256 කට නොමිලයේ විදුලිය ලබාදෙනවා. අඩුආදායම්ලාභීන් බවට පත්වීමේ වරද ඒ ජනතාවගේ නොවෙයි. එය රටේ ආර්ථිකයේ, සමාජ ක්‍රමයේ, අධ්‍යාපන ක්‍රමයේ වරද. ඒ නිසයි ජනාධිපතිතුමන් සහ අගමතුමන් උපදෙස් දුන්නේ ඔවුන්ට නොමිලයේ විදුලිය දෙන්න කියලා.
රට වෙනස් කරන ගමනේ පෙරමුණු බලඇණියක් මෙන් නැගී සිටිමින්, හරිත බලශක්ති පරිච්ඡේදය තවත් බොහෝ දුරක් රැගෙනයාමට ක්‍රියාකරන බවට පාරිශුද්ධබවේ සහතිකය ඇතුගල්පුරයේ පුරවැසියන් ඇතුළු සියලු දෙනාට ලබාදෙනවා යැයි ඒ මහතා පැවසීය.
මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ චමල් රාජපක්ෂ මැතිතුමන් පවසා සිටියේ දැදුරුඹය ව්‍යාපෘතිය, මුල්ගලක්, උත්සවයක් නොමැතිව වැඩ ආරම්භ කල එකක් බවයි. එකම වැවකින් ක්ෂේත්‍ර ගණනාවක් අස්වද්දමින්, දැදුරුඔය ජාතියට සලසන මෙහෙවර පිළිබදව අදහස් දැක්වූ චමල් රාජපක්ෂ මහතා, ආණ්ඩුවක් වශයෙන් සෑම දෙයක්ම සත්භාවයෙන් යුතුව සිදුකරන බවත්, එම කටයුතු කඩාකප්පල් කිරීමේ විරුද්ධවාදී බලවේගන් පරයමින් කටයුතු කරන බවත් අවධාරණය කළේය. එසේම විදුලිය නොමැතිව කිසිදු කටයුත්තක් සිදුකල නොහැකි බවත්, සංවර්ධනයේ මූලික අඩිතාලම විදුලියම වන බවත් ඒ මහතා වැඩිුදුරටත් අවධාරණය කළේය.
මෙම අවස්ථාවට රජ්‍ය අමාත්‍ය, බී.එම් හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා, පාර්ලිමේන්තු මන්ත්‍රීනී මංජුලා දිසානායක, එස්.බී. නාවින්න, යන මහත්වරුන් ප්‍රධාන ප්‍රදේශයේ දේශපාලනාධිකාරියත්, ලංකා විදුලිබල මන්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත්, ලංකා එනජීස් සමාගමේ සභාපති නන්දික පතිරගේ යන මහත්වරුන් ඇතුලු විදුලිබල අමාත්‍යාංශය, පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා එනජීස් සමාගම යන ආයතනයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.