” නූතන විදුලි විප්ලවයේ දැවැන්තම පියවර තබන මොහොතේ  පිවිතුරු විදුලිබල මහිමයට වායු බෝ වේවා ….”
04 0

Posted by  in Latest News

“ නූතන විදුලි විප්ලවයේ දැවැන්තම පියවර තබන මොහොතේ

පිවිතුරු විදුලිබල මහිමයට වායු බෝ වේවා ….”

ඇමති ඩලස් ප්‍රාර්ථනය කරයි.

” ශ්‍රී ලාංකීය බලශක්ති ක්ෂේත්‍රයේ ඉතාමත් තීණොත්මක, වර්ථනීය ලක්ෂයක් හෙට දවසේ සනිටහන් කරනවා. මේ රටේ පළමු ස්වභාවික ද්‍රව විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු හෙට ගරු අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් ආරම්භ කරනවා.  2013 නොරෝචචෝල බලාගාරය ඉදිකිරීමෙන් පසු මේ රටේ ජාතික විදුලිබල පද්ධතියට සැලකියයුතු දායකත්වයක් ලබාදෙන කිසිදු විදුලි බලාගාරයක් ඉදිවී නැහැ.  අද අපි මේ මුහුණ දෙන්නේ ඒ ඛේදවාචකයටයි.   කුඩා ජල විදුලි බලාගාර, සූර්ය බලාගාර වලින් එකතු වු සොච්චම් මෙගාවොට් ප්‍රමාණයක් විතරයි ජාතික විදුලිබල පද්ධතියට එක්වී තිබෙන්නේ.  2013 පසු ලංකවේ ඉදිවන එකම විදුලි බාලාගාරය, ශ්‍රී ලංකාවේ ඉදිවන පළමු ස්වභාවික ද්‍රව වායු බලාගාරය ඒවගේම පොසිල ඉන්ධන මත දහනය වූ අපේ ආර්ථිතයට විශාල සහනයත් ලබාදෙන තීරනාත්මක හැරවුම් ලකුණක් හැටියටත් මේ බලාගාරය ඔබට හදුන්වන්න පුළුවන්. පොසිල ඉන්ධන වලින් තොර විදුලිබල ක්ෂේත්‍රයකට වායු බෝ වේවා” යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කළේය.

විදුලිබල ක්ෂේත්‍රයේ දිශානතිය සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගෙනයමින්, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය මහ පොළොව මත යතාවත් කිරීම සඳහා  වූ යෝධ සංවර්ධන ක්‍රියාදාමයක ඇරඹුම සනිටුහන් කරනු වස්, මෙගාවොට් 300 ක් ජාතික විදුලිබල පද්ධතියට දායාද කිරීමට නියමිත කෙලවරපිටිය ස්වභාවික ද්‍රව වායු බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් හෙට (05) දින ආරම්භ කිරීමට නියමිතය.  මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට අද (04) පස්වරුවේ විදුලිබල අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලදී.

වත්තල, කෙරවළපිටිය ප්‍රදේශයේ ඉදිකෙරෙන මෙම නව බලාගාරය  අවම පරිසර හානියකින් යුතුව, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සැලසුම්කර තිබේ.  මෙරට විදුලි බලාගාරයක් තුල සවි කෙරෙන ඉහළම කාර්යක්ෂමතාවයෙන් යුතු  එෆ් කාණ්ඩයේ ගෑස්  ටර්බයිනය මෙම බලාගාරයේ ස්ථාපනය කෙරේ.  කෙරවලපිටිය බලාගාරය ද්විත්ව චක්‍ර (Combined Circle)  විදුලි බලාගාරයක් වන අතර අදියර දෙකකින් වැඩ කටයුතු අවසන් කිරීමට නියමිතව ඇත. පළමු අදියර හෙවත් ගෑස් ටර්බයිනය ස්ථාපනය කිරීම හරහා මෙගාවොට්  220ක් නිශ්පාදනය කෙරෙන අතර  එය මාස 21 ක් ඇතුලත  වැඩ අවසන් කර ජාතික විදුලි බල පද්ධතියට එක්කෙරේ.  දෙවන අදියරේදී වාශ්ප ටර්බයිනයක් හරහා තවත් මෙගාවොට් 130 ක් ජාතික පද්ධතියට එක්කෙරෙන අතර එය තවත් මාස 12 කදී අවසන් කිරීමට නියමිතයි. ඉදිරි වසර තුනක කාලය තුලදී මෙගාවොට් 300 ක සම්පූර්ණ ධාරිතාවයෙන් යුතුව මෙම බලාගාරය, රටේ විදුලිබල ඉල්ලුමට කදිම විසදුමක් වනු ඇතැයි බලාපොරොත්තු වේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා,

ජල විදුලි යුගය අවසන් වෙලා, ද්‍රව ඉන්ධන වලට ලෝකය යොමු වු කාල වකවානුවේ තමයි  ස්වභාවික ද්‍රව වායු පිළිබද සාකච්ඡාව ආරම්භ වුනේ. අපේ රටේ මෙය සාකච්ඡාවට බදුන් වුනේ මීට වසර 10 කට කලින්.  විවිධ ආණ්ඩු,  විවිධ රජයන් සත් භාවයෙන් යුතුව මෙම  කටයුත්තට යොමුවෙලා තිබෙනවා. නමුත් කුමන හෝ අභාග්‍යයක් හේතුවෙන් මේ දක්වා එය සාර්ථකත්වයට පත් කිරීමට සමත්වෙලා නැහැ. ඒ අනුව හෙට දවසේ  මෙම වර්ථනීය පියවර තැබිමට නායකත්වය දුන් අතිගරු ජනාධිපතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ රජයට, මෙම කාර්යය යතාර්තයක් බවට පත්කිරීමට  සහාය දුන් ලංකා විදුලිබල මණ්ඩලය. එල්.ටී.එල්. ආයතනය ප්‍රමුඛ මේ සදහා කැපවූ සියලු දෙනාට ජාතියේ කෘතඥතාවය පළකළ යුතුයි යැයි පැවසීය.

මෙම අවස්ථාවට සූර්යබල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපාති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක,  ලංකා විදුලිබල මණඩලයේ සභාපති  විජිත හේරත්, උපසභාපති නලින්ද ඉලංගකෝන් යන මහත්වරුන් ද සහභාගි වූහ.