Posted by superadmin in Latest News
“නූතන විදුලි විප්ලවයට නායකත්වය දෙන ජනපතිඳුන් හා
රටට වැඩිම විදුලිබල සම්පත ලබාදුන් අගමැතිඳුන්
ලාංකීය බලශක්තියේ ඉහළම ශක්තියයි ……“
ශ්‍රී ලංකාවේ ඉදිවන පළමු ස්වභාවික ද්‍රව වායු විදුලි බලාගාරයේ ඉදිකිරීම් සමාරම්භයේදී විදුලිබල ඇමති ඩලස් අවධාරණය කරයි.
නූතන විදුලි විප්ලවය අරඹමින් ශ්‍රී ලාංකීය විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රධාන හැරවුම් ලකුණ සනිටුහන් කළ යුගයකටයි අප අවතීර්ණ වී ඇත්තේ. 1950 වර්ෂයේ ආරම්භ වුන ශ්‍රී ලාංකීය බලශක්ති විප්ලවයේ සුවිශේෂි සංදිස්ථානයකට අද අපි මේ රටේ මිලියන 22ක් පමණ ජනතාව කැඳවගෙන ඇවිත් තිබෙනවා. එල්.එන්.ජී. පිළීබදව සාකච්ඡාව ආරම්භ වන්නේ මීට දශකයකට පෙර. මේක ඉතිහාසයේ හීනයක් පමණක් බවට පත්වුණා. අනාගතයේදිත් මේක සිහිනයක්ම පමණක් වෙලා නිමා වෙන්නට තිබුණා, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජප්නෂ මැතිතුමගේ සෞභාග්‍යයේ දැක්ම නොතිබුණානම්. වායු බලාගාර සිහිනය, සිහිනයක්ම වන්නට නොදී යථාර්තයක් බවට පත්කිරීම වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමාට මේ මොහොතේ ජාතියක් වශයෙන් අපගේ ප්‍රණාමය පුදකළ යුතුයි යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.
මෙගාවොට් 350 ක් ජාතික විදුලිබල පද්ධතියට දායක කිරීමට නියමිත, ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික ද්‍රව වායු බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලදී.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අලහප්පෙරුම මහතා,
අඅ මේ මොහොතේ වැඩියෙන්ම සතුටුවන පුද්ගලයා අපේ අගමැතිතුමනි ඔබයි. සමස්ත බලශක්තිය ඇතුලේ 1/3 කට වඩා ඩැඩි ප්‍රමාණයක උප්පැන්න සහතිකයේ පීතෘත්වය ලියවිලා තිබෙන්නේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ නමින්. නොරොච්චෝලය, ඉහල කොත්මලේ, ලක්දනවි, පළමු සුලං විදුලිබල උද්‍යානය, කසල විදුලි ව්‍යාපෘතිය, වායු විදුලි බලාගාරය, ඉදිකිරීමට යෝජිත සියඹලාන්ඩුවේ සූර්යබල උද්‍යානය, උමාඔය, දැදුරුඔය, රඹකැන් ඹය, මොරගහකන්ද මේ සියල්ලකගේම පීතෘත්වය ලියවී තිබෙන්නේ අගමැතිතුමන් නමින්. ඒ නිසා විදුලිබල ක්ෂේත්‍රය පිළිබදව එතුමා තරම් සතුටු විය හැකි නායකයෙක් තවත් නැහැ. එතුමාගේ නම පිටුපසින් නම ලියවෙන්නේ හිටපු ජනාධිපති අතිගරු ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ පමණයි. කුමන ආකාරයේ දේශපාලන මතභේද තිබුණත්, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ කාලසීමාව ඇතුලත සිදුවූ සංවර්ධනය ගැන අපි එතුමාට කෘතඥ විය යුතුයි.
නොරොච්චෝල බලාගාරයට පමණක් ධාරිතාවයෙන් දෙවෙනිවන විදුලි බලාගාර තමයි අද ආරම්භ වන ස්වභාවික වායු බලාගාරය. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලාංකීය බලශක්ති ක්ෂේත්‍රයේ හැරවුම් ලකුණක්. පොසිල ඉන්ධන මත දහනය වන අපේ රටේ ආර්ථිකයට මේ බලාගාරය මහත් අස්වැසිල්ලක් වේවි. ඩීසල් වලින් විදුලිය නිපදවන්න ඒකකයකට රු. 30.00ක්. මෙමගින් වැයවන්නේ රු. 15.00 ක් වැනි මුදලක්. එක ඒකකයකින් රු. 15.00ක ඉතිරියක්. මේ බාලාගරයෙන් ඒකක බිලියන 2 ක් නිපදවන්නයි සැලසුම් කර තිබෙන්නේ. මේ තුළින් රටට ඉතිරිවන මුදල වසරකට බිලියන 12ක්. දේශීය වශයෙන් ආර්ථිකයට මෙමගින් කෙතරම් පණක් ලැබෙයිද. මේ රටේ අනාගතය අයිති පුනර්ජනනීය බලශක්තියටයි. එය සෞභාග්‍යයේ දැක්ම තුල වගේම මහින්ද චින්තනය තුළත් පැහැදිළිව ලියවිලා තිබුණා. ඒ පුනර්ජනනීය බලශක්තිය කරා රට යන ගමනේ සංක්‍රාන්තික මෙහොතක් තමයි අද මේ ගත වෙන්නේ. අපේ ඉලක්කය මුලුමනින්ම පුනර්ජනනීය බලශක්තියෙන් සන්නද්ධ වූ ආර්ථිකයක්. නිදහස් රටක පරිසරයට ආදරය කරන රටටක ජීවකත් වන්නට සිහින දකින මිලියන 22 ක ජනතාවට වායු බෝ වේවා … ආයු බෝ වේවා යැයි පැවසීය.
මෙම සමාරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදහස් දක්වමින්, මිනිසාගේ මූලික අවශ්‍යතා ලේඛණයේ මුල් අංක 4 අතරට විදුලි බලය පැමිණ තිබෙන මොහොතක, ඩලස් අලහ්පපෙරුම මැතිතුමා විදුලි වේගයෙන් කටයුතු කිරීම, සමස්ත රටටම ශක්තියක් බව අවධාරණය කලේය.
මෙම අවස්ථාවට දුමින්ද දිසානායක, සුසිල් ප්‍රේම්ජයන්ත, නිමල් ලංසා යන රාජ්‍ය අමාත්‍යවරුන්, විදුලිබල අමාත්‍යාංශ ලේකම් වසන්ත පෙරේරා, එල්.ටී.එල්. ලක්දනවි අනුබද්ධ සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරී යූ.ඩී. ජයවර්ධන, විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් යන මහත්මමහත්මීන් ඇතුලු ප්‍රදේශයේ ජනතා නියෝජිතයන් සහ රාජ්‍ය ආයතන නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.