Posted by superadmin in Latest News
“සෑම දිස්ත්‍රික්කයකටම ප්‍රධාන බලාගාරයක් බැගින් කසල ප්‍රශ්නයටත් විදුලියෙන් විසඳුම් ගේනවා … “
විදුලිබල අමාත්‍ය
“අද වනවිට සමස්ත දිවයිනටම කසල විශාල ගැටළුවක් වෙලා තියෙන්නේ. කසල ප්‍රශ්නයට ස්ථිරසාර විසදුමක් සමගින්ම කසල වලට ආර්ථිකමය වටිනාකමක් එකතු කරන්න, ඉවතලන කසල යොදා ගනිමින් විදුලිය නිෂ්පාදනය කරන්න අපි දැන් සුදානම්. ශ්‍රී ලංකාවේ ස්ථාපිත කෙරෙන කසල යොදා ගනිමින් විදුලිය නිපදවීමේ පළමු බලාගාරය, හැඳල කෙරවලපිටිය ප්‍රදේශයේදී මේ මස 17 දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ජාතික පද්ධතියට එක් කෙරෙනවා” යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.
මෙම බලාගාරය මගින් දෛනිකව කසල ටොන් 700 ක් යොදා ගනිමින් මෙගාවොට් 10 ක් නිපදවීමට සැලසුම් කර ඇති අතර ප්‍රදේශයේ ඉවතලන කසල එක්රැස් කර එමගින් මෙම බලාගාරය ක්‍රියාත්මක කෙරේ. මේ ආකාරයෙන් සමස්ත දිස්ත්‍රික්කය තුළ එක්රැස් වන කසල විදුලි උත්පාදනය වෙනුවෙන් යොදාගැනීම, පාරිසරික වශයෙන්ද වැදගත් වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
මීට අමතරව දිරාපත්වන කසල යොදා ගනිමින්, බයෝගෑස් මගින් විදුලිය නිපදවීමේ පළමු ව්‍යාපෘතිය මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට ද විදුලිබල අමාත්‍යාංශය සැලසුම් කර ඇත. මාතර දිස්ත්‍රික්කයේ කොටවිල ඉදිවන මෙම ව්‍යාපෘතිය මගින් දෛනිකව කසල ටොන් 40 ක් යොදාගනිමින්, කිලෝවොට් 400 ක් ජාතික පද්ධතියට එක්කිරීමට සැලසුම් කර ඇති අතර, මේ වසරේ ඔක්තෝම්බර් මස වන විට මෙම ව්‍යාපෘතිය සක්‍රීය තත්ත්වයට පත් කරමින් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වේ.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති රාමුව තුළ සාම්ප්‍රදායික විදුලි උත්පාදනයෙන් ඔබ්බට ගිය නවමු ක්රමෝපායන්ගෙන් සැදුම්ලත් විදුලි උත්පාදන ක්‍රියාවලියක මංසලකුණු දක්වා ඇති අතරම වසර 2023 වනවිට ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්තියේ දායකත්වය 70% දක්වා වර්ධනය කිරීමේ අභියෝගය විෂයබාර අමාත්‍යවරයා වශයෙන් තමා වෙත ලබාදී ඇති බව පැවසූ අමාත්‍යවරයා, එම අභියෝගය ජය ගනිමින් විදුලි පාරිභෝගික ජනතාව වෙත අඛණ්ඩ, ගුණාත්මක, විශ්වාසදායි මෙන්ම ලාභදායි විදුලි සේවාවක් සැපයීම තමා සතු වගකීම බවද පවසයි. ඒ අනුව ඉදිරියේදී කසල මගින් විදුලිය නිපදවීමේ ක්‍රියාවලිය මෙන්ම ජීව වායු (බයෝගෑස්) මගින් විදුලිය නිපදවීමේ ක්‍රියාවලිය, දිස්ත්‍රික් මට්ටමෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිද්දෙන් ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බව ද විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පවසයි.