Posted by superadmin in Latest News
විදුලිබල මණ්ඩලයේ උප සභාපති ලෙස
නලින්ද ඉලංගකෝන් මහතා පත්වීම් ලබයි.
විදුලිබල මණ්ඩලයේ නව උප සභාපති වශයෙන් නලින්ද ඉලංගකෝන් මහතා පත්කර ඇති අතර විදුලිබල අමාත්‍ය ඩලස් අලහ්පපෙරුම මහතා අතින් අද (16) පෙරවරුවේ ඒ මහතා සිය පත්වීම් ලිපිය බාරගන්නා ලදී.
මතුගම ශාන්ත මරියා විදුහලේ සහ ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන නලින්ද ඉලංගකෝන් මහතා, මානව සම්පත් කළමනාකරණය පිළිබදව ඩිප්ලෝමාධාරියෙකු වන අතර එක්සත් රාජධානියේ වේල්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයනය පිළිබදව ශාස්ත්‍රවේදී උපාධිධාරියෙකි.
ජාතික යොවුන් සේනාංකය මෙන්ම නිපුනතා සංවර්ධන අරමුදලේ සභාපති වශයෙන් ද, අන්තරායකර ඹෞෂධ පාලනාධිකාරියේ අධ්‍යක්ෂක වශයෙන් සහ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමණාකාරවරයෙක් වශයෙන්ද සේවය කර තිබෙන නලින්ද ඉලංගකෝන් මහතා, පෞද්ගලික ව්‍යාපාර සමුහයක හිමිකාරිත්වය දරන, අත්දැකීම් බහුල පරිපාලකයෙකු වන අතර මේ වනවිට සුගතදාස ජාතික ක්‍රීඩාංගණ සංකීර්ණ අධිකාරියේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කරයි.
වානිජ ගුවන් නියමුවෙකු ලෙස සුදුසුකම් ලබා ඇති නලින්ද ඉලංගකෝන් මහතා, ගුවන් නියමුවෙකු ලෙසද රාජකාරි කර ඇත.
යුධ හමුදාවේ අධිකාරි ලත් නිලධාරියෙකු වූ නලින්ද ඉලංගකෝන් මහතා තම සේවා කාලය තුළදී ශ්‍රී ලංකා යුධ හමුදාවේ සක්‍රීය ක්‍රියාන්විතයට එක්වෙමින් මහගු කර්තව්‍යයට උරදුන් විශිෂ්ඨ නිලධරයෙකු වශයෙන් ත්‍රස්තවාදය පරාජය කිරීමේ ක්‍රියාන්විත රාජකාරියට කැපවු අතර අවස්ථා ගණනාවකදීම ”රණ වික්‍රම” (RWP) සහ ”රණ ශූර” (RSP) යන පදක්කම් හිමිකර ගැනීමටද සමත්වී තිබේ.
විදුලිබල මණ්ඩලයේ නව උප සභාපතිවරයා වශයෙන් පත්වීම් ලද නලින්ද ඉලංගකෝන් මහතා, විවිධ ක්ෂේත්‍ර ගණනාවක දැක්වූ සුවිශේෂී දක්ෂතා හා හැකියාවන් තුළින් ලද වෘත්තීමය අත්දැකිම් හා නායකත්වයේ කුසලතාවය, අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම පෙරදැරිව විදුලිබල අමාත්‍යාංශය ගෙනයන ජාතික විදුලිබල සංවර්ධන වැඩසටහනට මහත් ශක්තියක් වනු ඇතැයි, අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කරමින් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.