Posted by superadmin in Latest News
ලබන මාසයේ මන්නාරමේ පළමු සුළං බලාගාරය විවෘත කිරීමෙන් ශ්‍රී ලංකාවේ බලශක්ති විප්ලවය අරඹනවා ….
විදුලිය මිනිසාගේ මූලික අයිතිවාසිකමක්. ඉදිරි වසර තුල සමස්ත ජනතාවගේ එම අයිතිය තහවුරු කරනවා …
විදුලිබල අමාත්‍යවරයා පොළොන්නරුවේදී අවධාරණය කරයි
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිªන්ගේ පළමු ධූර කාලයේ දෙවන වසර ඉක්මවීමට ප්‍රථම ඒනම් 2021 නොවැම්බර් 16 දිනට පෙර ශ්‍රී ලංකාවේ විදුලි පාරිභෝගිකයින් සංඛ්‍යාව 100% ක් බවට පත්කිරීම නියතයක් යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා පොළොන්නරුවේදී පැවසීය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවිම පිළිබද කාර්ය සාධක කමිටුවේ රැස්වීමට සහභාගි වෙමින් විදුලිබල අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය. මෙම රැස්වීම පොළොන්නරුව දිස්ත්‍රික්ලේකම් කාර්යාලයේදී පැවැත්විනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා …
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් විදුලිය නොමැති පවුල් සංඛ්‍යව 1359 ක් සිටිනවා. වත්මන් ආණ්ඩුව විසින් විදුලිය සලකන්නේ මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙසින්. ඒ නිසා ඈත දුෂ්කර කඳු මුදුන් මත නිවෙස් තනා ජීවත්වන පුරවැසියන් වෙත ප්‍රධාන ජාලයට ලගාවිය නොහැකිනම්, එවැනි අතිදුෂ්කර ප්‍රදේශයන් වෙත සූර්ය බලයෙන් හෝ විදුලිය ලබාදීමට විදුලිබල අමාත්‍යාංශය කැපවී කටයුතු කරනවා.