“අපි බලයට ආවේ ඉතිහාසයට ඇඟිලි දික්කරන්න නෙමෙයි,අපෙන් වියයුතු යුතුකම් ඉටු කරන්නයි…. “
18 0

Posted by  in Latest News

“අපි බලයට ආවේ ඉතිහාසයට ඇඟිලි දික්කරන්න නෙමෙයි,අපෙන් වියයුතු යුතුකම් ඉටු කරන්නයි…. “

” වසර 13 ක් කතාවක් පමණක් වූ LNG, 2023 දී විදුලි ජනනයට එකතු කරනවා … “

ඩලස් අලහප්පෙරුම

විදුලිබල අමාත්‍ය

2015- 2019 වසර 05 තුළ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300 ක් පමණ එකතුවී ඇති බවත්, ඊට සාපේක්ෂව සෑම වසරකම විදුලි ඉල්ලුම 6% කින් වර්ධනය වන බවත් වාර්තා වේ. ඒ අනුව විදුලි ජනන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පවතින බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහ්පපෙරුම මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ, පසුගියදා ලංකා විදුලි පුද්ගලික සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූ අවස්ථාවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අලහප්පෙරුම මහතා..,

අතිගරු ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රකාරව වසර 2030 වනවිට හරිත හා පුනර්ජනනීය බලශක්ති දායකත්වය 70% දක්වා වර්ධනය කළයුතු වනවාසේම, මේ වනවිට 32% ක් වන ඩීසල් විදුලි දායකත්වය 5% දක්වා අවම කල යුතුයි. ඒ වෙනුවෙන්වන ජනන සැලසුම් ක්‍රියාත්මක කිරීමට තිබෙන බාධාවන් ඉවත්කල යුතුයි. විදුලි පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් හැටියට ලෙකෝ ආයතනය අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ  අරමුණු කරා ලඟාවීමට ශක්තියක් වේයැයි මම බලාපොරොත්තු වෙමි.  මේ වනවිට පුනර්ජනනීය විදුලියෙන් ලබාගන්නා දායකත්වය මෙගාවොට් 900 ක් පමණය. 2023 වනවිට මේ තත්ත්වය දෙගුණයකින් වැඩි කරන්න අපි බලාපොරොත්තු වන්නෙමු. විශේෂයෙන් මෙතෙක් විදුලි පාරිභෝගිකයින්, ඉදිරියේදී විදුලි නිෂ්පාදකයින් බවට පත්කිරීමේ සැලසුම් ඉදිරි අයවැය යෝජනා සමග දියත් කිරීමට සැලසුම් කර, ඒ තුළින් ඉදිරියේදි  බලශක්තිය තවදුරටත් අර්බුධයක් නොවන තත්ත්වයට පත්කිරීමට කටයුතු කළ යුතුය. මා කිසිමදාක දේශපාලන ඇහැකින් වෘත්තීය දෙස බලන කෙනෙක් නොවන  නිසා ඔබලාගේ කුමන දේශපාලන මතවාදයක් තිබුණත් මට ඒක අදාළ වන්නේ නැත. වැදගත් වන්නේ සාමුහිකව මේ ජයග්‍රාහී ඉලක්කය  වෙත රට ගෙනයාම පමණි.

විදුලිය යනු අත්‍යාවශ්‍ය යටිතල පහසුකමක් වුවත්, විදුලිය සපයන ආයතන ජනතාවට බරක් යන මතය ජනගතවී තිබේ. නමුත් ලංකා විදුලි පුද්ගලික සමාගම ඒ ආකාරයෙන් පුරවැසියන්ට කිසිදු බරක් පටවන ආයතනයක් නොවේ. පාලක පක්ෂය වශයෙන් අපි අධිපතිවාදී වියයුතු නැත. සෑම දේශපාලන මතවාදයකටම ඇහුම්කන් දියයුතුයි. ඒ තුළින් නිවැරදි මතවාද ක්‍රියාවට නැංවීමට කටයුතු කළ යුතුයි. ඒ න්‍යාය අනුව යමින් අතිගරු ජනාධිපතිතුමන් පසුගියදා විදුලියට සම්බන්ධ රාජ්‍ය මෙන්ම පෞද්ගලික සැම ආයතනයක්ම රැස්කර විදුලියේ ඉදිරිය ගැන සාකච්ඡා පවත්වන ලදී. ඉතිහාසයේ පළමු වතාවට මෙවැනි දෙයක් සිදුවිය.

වසර 2007දී පටන් එල්.එන්.ජී. ගැන අපි කතා කරන්න පටන් ගත්තෙමු. වසර 13ක්ම ඒ ගැන කතා කළ නමුත් මේ වනතෙක් අපට පළමු බලාගාරයටවත් යන්නට අපට හැකිවී නැත. වසර 2023 වනවිට එල්එන්ජී බලාගාර 02 කට යන්නට අපි බලාපොරොත්තු වන්නෙමු. ඒ තුළින් ජාතික විදුලිබල පද්ධතියට සැලකියයුතු  LNG දායකත්වයක් සැපයීමට හැකිවනු ඇත” යැයි පැවසීය.