Posted by superadmin in Latest News
විදුලි ඇමතිගේ උපදෙසින්
කළුකැලේ එකළු වෙයි ….
විදුලිය සිහිනයක්ම පමණක් වී, කුප්පි ලාම්පුවෙන් සැනසෙන රිදීමාලියැද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පවුල් 60 ක් දිවි ගෙවන අතිදුෂ්කර ගම්මානයක් වන කලුකැලේ වැසියන්ගේ අඳුරෙන් වැසීගිය ජීවිත පිළිබදව අද දින (10) මාධ්‍ය විසින් කළ අනාවරණය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී, කලුකැලේ ජීවිත විදුලියෙන් එකළු කිරීම සදහා අවශ්‍ය පියවර අප්‍රමාදව ගන්නා ලෙස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පපෙරුම මහතා විසින් විදුලි බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
වසර ගණනාවක් පුරා අදාළ ගම්මානයේ විදුලිය ගැටළුව සම්බන්ධයෙන් නොයෙක් ආකාරයෙන් ඉල්ලීම් කර ඇතත්, මේ දක්වා ඒ කිසිවකට සාර්ථක පිළිතුරක් ලැබී නොමැත. මේ පිළිබදව ලංකා විදුලිබල මණ්ඩලයේ අදාළ අංශ වෙතින් විමසීමක් කළ විදුලිබල අමාත්‍යවරයා, වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම කරුණ සම්බන්ධයෙන් යහපත් පිළිතුරක් ලබාදෙන ලෙස උපදෙස් දී ඇත.
විදුලිබල අමාත්‍ය ඩලස් අලහ්පපෙරුම මහතාගේ උපදෙස් පරිදි නොපමාව ක්‍රියාත්මක වූ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින් මේ සම්බන්ධ කරුණු සොයාබලා ඇති අතර එහිදී අනාවරණය වූ කරුණු අනුව, 2017 දී ක්‍රියාත්මක වූ ඌව උදානය ව්‍යාපෘතිය යටතේ මෙම ගම්මානයට විදුලිය ලබාදීමට ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වී ඇතත්, විදුලි මාර්ගය ඉදිකිරීමට බාධාවන ගස් ඉවත් කිරීමට මඩොල්සිම වතු සමාගම අකමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන් අදාළ විදුලි ව්‍යාපෘතිය ඇණහිට ඇත. එහෙත් මේ වනවිට අදාළ වතු සමාගමේ අනුමැතිය පරිදි විදුලි මාර්ගය ඉදිකිරීමට බාධාවක්ව පැවති ගස් ඉවත්කර ඇත.
එමෙන්ම, අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මියගෙන් ලද දත්තයන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකල විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, වහාම ක්‍රියාත්මකවන පරිදි කලුකැලේ ගම්මානයට විදුලිය පහසුකම් සැපයීමට පියවර ගන්නා ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.
ඒ අනුව වසර ගණනාවක් පුරා අඳුරෙන් වැසී තිබූ කලුකැලේ, ඉතාමත් කෙටි කලක් ඇතුළත විදුලියෙන් ඒකාලෝක කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ක්‍රියාත්මක කිරීමට විදුලිබල අමාත්‍යාංශය ප්‍රමුඛ ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගනු ඇත.