Posted by superadmin in Latest News
විදුලිය බිඳවැටීම සම්බන්ධව සොයාබැලීමට පත්කල
කමිටු වාර්තාව විෂයභාර අමාත්‍යවරයාට …
පසුගියදා මුළු දිවයිනටම බලපාන ආකාරයෙන් සිදුවූ විදුලිය බිඳවැටීම පිළිබදව සොයා බැලීමටත්, එවැනි තත්ත්වයන් නැවත ඇතිවීමේ ප්‍රවණතාවය අවම කිරීමේ ක්‍රියාමාර්ගයන් හඳුනාගැනීමටත්, මහාචාර්ය රාහුල අතලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ නියෝජිතයින් නව දෙනෙකුගෙන් යුත් කමිටුවේ වාර්තාව අද දින (24) පස්වරුවේ සභාපති විසින් විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට බාරදෙන ලදී.
පසුගිය අගෝස්තු මස 18 වැනි දින කමිටුව ප්‍රථම වරට රැස් වූ අතර අදාළ විදුලිය බිදවැටීමේ සිද්ධියට බලපෑම් කරනු ලැබු හේතු සාධක සම්බන්ධයෙන් සියලු කරුණු විමසා බැලීමෙන් අනතුරුව මෙම වාර්තාව සකස් කර තිබේ.
ඒ අනුව එකී වාර්තාව හෙට දිනයේදී (25) විෂයභාර අමාත්‍යවරයාගේ විශේෂ විමර්ශනයට ලක්කිරීමට නියමිත අතර අනිද්දා දින (26) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.