Posted by superadmin in Latest News
“ජනතා අභිලාෂයන් ආලෝකමත්වන සෞභාග්‍යමත් දේශයකට
නව එළියක් දල්වමු …..“
(නව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා සිය ධූරයෙහි නිල වශයෙන් රාජකාරි අරඹමින් අවධාරණය කරයි. )
නව රජයේ විදුලිබල අමාත්‍යවරයා වශයෙන් පත්වූ ඩලස් අලහප්පෙරුම මැතිතුමා, 2020.08.13 (අද) පෙරවරුවේ සිය තනතුරෙහි රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.
විදුලිබල අමාත්‍යාංශ පරිශ්‍රයේදී නිල වශයෙන් පැවති මෙම අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, දේශපාලන ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින්, ජනාධිපතිතුමාගේ ඒකායන අධිෂ්ඨානය වන ශ්‍රී ලංකාව සෞභාග්‍යයේ දේශයක් බවට පත්කිරීමේ භාරධූර කර්තව්‍යයට අප සියලු දෙනාම ඇපකැපවිය යුතු බවත්, රට දියුණූ කිරීමේ කටයුත්තේදී මෙම අමාත්‍යාංශයට විශාල කාර්යභාරයක් පැවරී තිබෙන බව අතිගරු ජනාධිපතිතුමා දැඩි ලෙස විශ්වාස කරන බවත්, එතුමා කෙරෙහි ජනතාව තුල පවතින විශ්වාසය මත එතුමාව ජයග්‍රහණයට පත්කර ඇති බවත්, අතිගරු ජනාධිපතිතුමා තමා කෙරෙහිත් එවැනිම විශ්වාසීභාවයක් තබා මෙවැනි වැදගත් අමාත්‍යාංශයක අමාත්‍ය ධූරයක් පවරා ඇති බවත්, අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා තමා කෙරෙහි තැබූ ඒ විශ්වාසය ආරක්ෂා කිරීමට තමා කටයුතු කරන බවත්ය. එසේම අමාත්‍යවරයා විසින් අද පටන් මෙම කණ්ඩායමට නායකත්වය ලබාදෙන බවත්, කණ්ඩායමේ සියලු දෙනාගේ සහයෝගය එතුමාට ලැබෙන බව දැඩිව විශ්වාස කරන බවත්, තවදුරටත් පවසන ලදී.
තවද නිල වශයෙන් සිය ධූරයේ රාජකාරි කටයුතු ඇරඹූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා, විදුලිබල ක්ෂේත්‍රයේ උන්නතිය සහ විදුලි පාරිභෝගික ජනතාවගේ ශුභසිද්ධිය වෙනුවෙන් ඉදිරියේදී කලයුතු කටයුතු සම්බන්ධව අමාත්‍යාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග නිල සාකච්ඡාවකටද සහභාගි විය.