වසර 05ක් තිස්සේ ක්‍රියාත්මක නොකර අවලංගු වී  තිබු ජලවිදුලි ව්‍යාපෘති 15කට නැවතත් ගිවිසුම් දීර්ඝ කිරීමේ අනුමැතිය ලබා දෙයි.
09 0

Posted by  in Latest News

යහපාලනය පැවැති වසර 05ක් තිස්සේ ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදී ඇන හිට තිබු කුඩා ජල විදුලි ව්‍යාපෘති 15ක ගිවිසුම් යළි දීර්ඝ කිරීමට පියවර ගන්නා ලෙස විදුලිබල බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් දුන්නේය.

 

 ඒ් අනුව එම කුඩා ජලවිදුලි ව්‍යාපෘති 15 සඳහා ලබා දී තිබු අනුමැතිය අවලංගු වී තිබු බැවින් අදාල ගිවිසුම් දීර්ඝ කිරීමට අනුමැතිය නැවතත් ලබා දීමට ලංකා විදුලි බල මණ්ඩලය පෙරේදා (07) පියවර ගත් බව එහි සභාපති විජිත හේරත් මහතා අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.

 

මෙම ව්‍යාපෘති 15 තුලින් මෙගවොට් 30ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එකතු කිරීමට අපේකෂිතය.

එමෙන්ම මීට අමතරව තවත් කුඩා ජල විදුලි බලාගාර 23ක්  සඳහා වන ගිවිසුම් ඉදිරි මාසය තුළ අත්සන් කිරීමට යෝජිත අතර එමගින් ජාතික පද්ධතියට එකතු වන විදුලි බල ධාරිතාව මෙගවොට් 45කි.

 

2023 වනවිට මේ රටේ සමස්ත විදුලි බල අවශ්‍යතාවය කිසිදු හිගයකින් තොරව ලබා දීමත්, 2023 වර්ෂය විදුලිබල ක්ෂේත්‍රයේ ස්වර්ණමය වර්ෂය ලෙස නම් කරමින් විදුලි බිල අවම කිරීම සඳහා විදුලි ඒ්කකයක් අඩුම මිලකට ලබා දීමත්, ලංකා විදුලි බල මණ්ඩලය ලාබ ලබන තත්ත්වයට පත් කිරීමත් අරමුණු කර ගනිමින් විදුලි බල සංවර්ධනයට රජය පියවර ගෙන ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

 

ඊයේ  (08) පස්වරුවේ විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා සමග පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.