Posted by superadmin in Latest News
ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් ඇතුලු කාර්ය මණ්ඩල අඛණ්ඩව මහජනතාවට විදුලිය ලබා දීම සඳහා කරන කැපවීම සමස්ත රටේ ජනතාවගේ ඇගයීමට ලක්විය යුතුයි- අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට නිවෙස්වලට වී කාලය ගත කිරීමට මහජනතාවට සිදුවී තිබේ. එමෙන්ම සෞඛ්‍ය, ආරක්ෂක අංශ ආදි සෑම අංශයකම සේවක මණ්ඩලවලට තම සේවාවන් ලබා දීමට හැකි වී තිබෙන්නේ කිසිදු බිඳ වැටීමකින් තොරව පැය විසිහතර පුරාම විදුලි බලය සැපයීම නිසාය.
එහෙත් විදුලි බල කාර්ය මණ්ඩල විසින් මෙම තීරණාත්මක අවස්ථාවේ ලබා දෙන සේවය මේ වන තෙක් කිසිදු පාර්ශ්වයක ඇගයීමට ලක්ව නැතැයි පැවසූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විදුලිබලය පැය දෙකක් විසන්ධි වුවහොත් මහජනතාව නිවාසවලට කොටු කර තබා ගැනීමේ ක්‍රියාවලිය මුළුමනින්ම අසාර්ථක වනු ඇතැයි ද පැවසීය.
අද දින (04) පෙරවරුවේ සපුගස්කන්ද විදුලි බල මධ්‍යස්ථානයේ සේවක මණ්ඩල සමග ඔවුන්ගේ ගැටළු සාකච්ඡා කළ අමාත්‍යවරයා රජය වෙනුවෙන් තම කෘතඥතාවය එම කාර්ය මණ්ඩලවලට ප්‍රකාශ කරන බව ද කීය.
එමෙන්ම මේ වනවිට අප රටේ සමස්ත විදුලි ඉල්ලුම සියයට 30කින් පහත වැටී තිබේ. ලංකා විදුලි බල මණ්ඩලයේ වාර්තා අනුව මේ වනවිට රටේ සමස්ත අවශ්‍යතාවයෙන් සියයට 60ක් නොරොච්චෝල තාප බලාගාරය මගින් නිපදවන අතර ඉතිරි සියයට 40 ජලවිදුලිය , සුළං හා සුර්යබලය මගින් ලබා ගනු ලබයි. රටේ සමස්ත විදුලි ඉල්ලුම පහත වැටී තිබෙන්නේ මේ වනවිට අප රටේ කර්මාන්ත ශාලා, මහා පරිමාණයේ හෝටල්, හා වෙනත් සුපිරි අලෙවිසැල් වසා දමා ඇති නිසා වුවද, එම නිසාම විදුලි බල මණ්ඩලයට ලැබෙන ආදායම මේ වනවිට පහත වැටී තිබේ.
මේ අතර ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල පහළ ගියද, රුපියලේ අගය පහත වැටීම මත ඉන්ධන සඳහා ගෙවිය යුතු මුදල ඉහළ ගොස් තිබේ. නමුත් එම බර රජය දරන අතරම කිසිදු ආකාරයක ඉන්ධන මිල ඉහළ දැමීමක් සඳහා රජය කටයුතු නොකරන බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
දැනට විදුලි බලාගාරවල සේවය කරන කාර්ය මණ්ඩලවලට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම සනීපාරක්ෂක ද්‍රවය ලබා දීමට කටයුතු කරන බව කී අමාත්‍යවරයා එම කාර්ය මණ්ඩලවලට අවශ්‍ය ආහාර සකසා ගැනීම සඳහා සතොස මගින් ආහාර ද්‍රව්‍ය සැපයීමට පියවර ගන්නා බව කීය. නොරොච්වෝල තාප බලාගාරයේ කාර්ය මන්ඩලයේ 300ක් පීරිස මේ වනවිට එම බලාගාරය තුළම මායකුත් දින පහක් තිස්සේ එක දිගට සේවය කරමින් සිටින අතර , ඔවුන් තමන්ට අවශ්‍ය ආහාර එහිම සකසා ගනු ලබයි.
කොරෝනා වෛරසය නිසා නිවාසවලට වී සිටින මහජනතාවට මෙන්ම රෝහල්වල ප්‍රතිකාර සේවා පවත්වාගෙන යාම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්ය මණ්ඩල විසින් ලබා දෙන සේවාව සමස්ත ජාතියේම ඇගයීමට ලක්වි යුතු යැයි ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. තමන් විශේෂයෙන් අද දින මෙම විදුලි බල මධ්‍යස්ථානය වෙත පැමිණියේ ද රජය හා සමස්ත ජනතාව වෙනුවෙන් තම කෘතඥතාව පළ කිරීමට බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.