Posted by superadmin in Latest News
“ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් ශක්තිමත් කිරීමට, මානව හිමිකම් ප්‍රවර්ධනයට හා ආරක්ෂා කිරීමට ජර්මනියේ විශේෂ සහාය ලැබී තිබෙනවා …..“
“ජර්මානු ව්‍යවසායකයින් මුහුණ දෙන ප්‍රධාන ගැටලු විසඳීම සහ නව ආයෝජන සඳහා පහසුකම් සැලසීමටත් ඉදිරියේදී කටයුතු කරනවා …..“
රවී කරුණානායක
විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය
“2015 මුල් භාගයේ සිට අපගේ දේශපාලන සබඳතා තුළ ජනිත වූ නව ගම්‍යතාවයමත ජර්මනිය සමග අපගේ සමස්ත හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි මට විශ්වාසයි. මේ සම්බන්ධයෙන්, අපගේ ද්විපාර්ශ්වික සබඳතාවල වර්ධනයේ වේගය පවත්වා ගැනීම සඳහා වෙහෙස නොබලා කටයුතු කිරීම පිළිබඳව තානාපතිවරයාට සහ ඔහුගේ විශිෂ්ට කණ්ඩායමට අපගේ අගය ප්‍රකාශ කිරීමට කැමැතියි. ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ගමන සඳහා ජර්මනියේ පොරොන්දු වූ සුහදතාවයෙන් අප ධෛර්යමත් වනවා. ජර්මනිය ශ්‍රී ලංකාවේ ප්‍රබල ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් සහ සම්ප්‍රදායන් ශක්තිමත් කිරීමට සහ මානව හිමිකම් ප්‍රවර්ධනයට හා ආරක්ෂා කිරීමට අඛණ්ඩව සහාය වී තිබෙනවා” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, පසුගිය දින ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලයේ පැවති, ජර්මානු නිදහස් දින සැමරුම් උළෙලට සහභාගි වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා ..,
“බොහෝදෙනා දන්නා පරිදි ශ්‍රී ලංකාව සහ ජර්මානු ද්විපාර්ශ්වික සබඳතා ගොඩනඟා ඇත්තේ ශතවර්ෂ ගණනාවක සිටයි. පැරණි සංස්කෘතික හා බුද්ධිමය හුවමාරු, වෙළඳාම සහ මිනිසුන් – මිනිසුන් අතර සම්බන්ධතා මත මෙම සබදතා ගොඩනැගී තිබෙනවා. මීට වසර 66 කට පෙර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කරගත් දා සිට අපගේ විධිමත් මිත්‍රත්වය හා සහයෝගීතාව වර්ධනය වී තිබෙනවා. 1950 දශකයේ අග භාගයේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ද්විපාර්ශ්වික සංවර්ධන හවුල්කරුවෙකු ලෙස ජර්මනිය වෘත්තීය අධ්‍යාපනය, සෞඛ්‍ය සහ වනාන්තර සහ වනජීවී සංරක්ෂණය පිළිබඳ වැඩසටහන් සඳහා අඛණ්ඩව ප්‍රදාන සහ මෘදු ණය ආධාර ලබාදී තිබෙනවා. ජර්මානු කාර්මික විද්‍යාලය විසින් ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් සඳහා උසස් තත්ත්වයේ වෘත්තීය පුහුණුවක් ලබා දෙමින් ඔවුන්ගේ හැකියාවන් සහ ශක්‍යතාව ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකානු- ජර්මානු පුහුණු උපදේශක ආයතනය 2016 දී කිලිනොච්චි හිදී ආරම්භ කරන ලද අතර, මාතර ඉදිකිරිමට නියමිත කාර්මික විද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු තුනෙන් එකක් ඉදිරි වසර දෙක තුළ සිදුකිරීමට නියමිතයි. ගාලු මාතෘ රෝහල, විල්පත්තු ජාතික වනෝද්‍යානය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය සහ සමාජ අන්තර් ක්‍රියාකාරී වැඩසටහන් වැනි සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීම සඳහාද ජර්මානු රජය විසින් නොමසුරු ප්‍රදාන හා ආධාර ලබා දී තිබෙනවා.
වර්තමානයේ දෙරටම උත්සාහය වන්නේ වෙළඳ හා ආයෝජන තවදුරටත් වෙනස් කිරීමයි. ජර්මනිය ප්‍රධාන වෙළඳ හවුල්කරුවෙකු ලෙස, 2018 දී ජර්මනිය සමඟ ශ්‍රී ලංකාවේ වෙළඳ පරිමාව යුරෝ බිලියන 1.2 ක් වි තිබෙනවා. අපේ රට ගිනිකොන සහ ගිනිකොනදිග ආසියාවේ ප්‍රධාන වාණිජ හා මූල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට සූදානම්ව සිටින හෙයින්, ජර්මානු ව්‍යාපාර සහ ආයෝජන උනන්දුව ද ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකාවේ දැනටමත් ක්‍රියාත්මක වන ජර්මානු ව්‍යවසායන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු විසඳීම සඳහා මෙන්ම නව ආයෝජන සඳහා පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකාව මේ වනවිට යොමු වී තිබෙනවා. බහු පාර්ශ්වකරුවන්ගේ වේදිකාවට අන්තර්ජාතික වෙළඳාම, ඊඩීබී සහ ආයෝජන මණ්ඩලයේ සහ පෞද්ගලික අංශයේ ආයතන හා ව්‍යවසායයන් ඇතුළත් වන අතර, ජර්මානු රජය පැත්තෙන් ජර්මනියේ තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ්‍ය නියෝජිතයින් ක්‍රියාකාරී වෙනවා. දියුණු වෙමින් පවතින ව්‍යවසායන් සඳහා වඩාත් හිතකර ව්‍යාපාරික වාතාවරණයක් සපයන සාර්ථක ජර්මානු සමාගම්වල හොඳම භාවිතයන් ශ්‍රී ලංකාව විසින් අනුකරණය කරනු ඇතැයි අපේක්ෂා කරනවා ”යැයි පැවසීය.