Posted by superadmin in Latest News
“ මීට වසර 05 කට කලින් පැවැත්වූ ඡන්දය අවස්ථාවේදී ජනතාව කෙතරම් බියකින්ද පසුවුණේ. එදා පැවතුනේ සුදු වෑන් සංස්කෘතියක් ….“
“අද ජනතාව පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් භුක්ති විදිනවා.
නමුත් සමහරුන්ට පසුගිය දේවල් මතකත් නැහැ ….“
රවී කරුණානායක
විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය
”දේශපාලනය කියන්නේ දවසින් දෙකෙන් සියලු ප්‍රශ්න විසදන්න පුළුවන් ක්ෂේත්‍රයක් නොවෙයි. නමුත් ජනතා ගැටලු වලට සවන් දීලා, හැකි අවස්ථා වලදි ලබාදීම තමයි දේශපාලඥයින්ගේ යුතුකම. අද සන්නිවේදන පහසුකම් සපයන්නන් 75 කට ස්ථිර රැකියා ලැබෙනවා. සිංහල පුද්ගයෙක් අනිවාර්යයෙන් දෙමල දැනගත යුතු අතර දෙමල කෙනෙක් සිංහල දැනගත යුතුමයි. ඒ තුලින් බහුවාර්ගික සමගියක් ඇතිකල හැකියි. අද මේ රැකියා ලබාගත් පිරිසගේ අවම අධ්‍යාපන සුදුසුකම වෙලා තියෙන්නේ, අ.පො.ස. සාමාන්‍ය පෙළ. අන්න ඒ වගේ දේශපාලඥයින්ටත් අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළවත් තිබිය යුතුයි. ඒ ආකාරයෙන් අපි අධ්‍යාපනයේ වටිනාකම තේරුම්ගත යුතුයි. නිදහසේ සිට අද දක්වා ආපස්සට හැරිලා බැලුවාම අපට පැහැදිළි වන්නේ මේ රට සංර්ධනය වෙලා තිබෙන්නේ රටටවත්, ජනතවටත් අවශ්‍ය ආකාරයට නොවෙයි. දේශපාලනයට අවශ්‍ය ආකාරයටයි. මේ රටේ පීඩනයට ලක්වෙලා සිටින ජනතාවට අපි සියලු දෙනාම ඒකරාශී වෙලා අන්තවාදය ප්‍රතික්ෂේප කරලා , හැමදෙනාටම ශ්‍රී ලාංකික අනන්‍යතාවය තහවුරු කළ යුතුයි “යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
ඒ මහතා මෙම අදහස් පළකළේ, සිංහල, දෙමල භාෂා පරිවර්ථක තනතුරු 75 ක් සදහා පත්වීම් ලබාදීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි. බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මෙම උත්සව අවස්ථාවට කදුරට, නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරන් මහතා ද සහභාගි විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා ..,
“2015 මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජයග්‍රහණය කරවන්න, ඉතා වෙහෙසමහන්සි වී කටයුතු කළ පුද්ගලයෙක් තමයි දිගම්බරන් ඇමතිතුමා කියන්නේ. එතුමා ක්‍රියාශීලී පමණක් නොවෙයි දේශපාලනය ගැන හොදින් දන්නා කෙනෙක්. එමෙන්ම තම ඡන්දදායකයින් වෙනුවෙන් සටන්කර ඉල්ලීම් දිනාගන්නා නායකයෙක්. බොහෝ අවස්ථාවල ක්‍රියාශීලීව කටයුතු කරන දේශපාලඥයින් ඉක්මනින් කටයුතු කරලා, ජනතාවට අවශ්‍යදේ ලබාදීලා, තමන්ගේ කාර්යය අවසන් කරන නිසා ජනතාවට ඉක්මනින් ඔවුන්ව අමතක වෙලා යනවා. කිසිම වැඩක් නොකර, තමන් වැඩ කරන බව අගවන දේශපාලඥයෝ ජනතාවගේ මතකයේ රැදෙන්නේ, ඔවුන්ගේ වැඩ කවදාවත් අවසන් නොවන නිසයි.
තවත් මාස කිහිපයකින් ශ්‍රී ලංකා දේශපාලනයට වැදගත් අවස්ථාවක් උදාවෙනවා. ඒ උදාවන ජනාධිපතිවරණයේදි රටේ සියලුදෙනා ඒකරාශී කරලා ජයග්‍රහණය කරන්න පුළුවන් ආකාරයකට අද එක්සත් ජාතික පක්ෂය පවතිනවා කියලා මම විශ්වාස කරනවා. මීට වසර 05 කට කලින් පැවැත්වූ ඡන්දය අවස්ථාවේදී ජනතාව කෙතරම් බියතින්ද පසුවුණේ. එදා තිබුණේ සුදු වෑන් සංස්කෘතියක්. නමුත් අද ඒ තත්ත්වය වෙනස්වෙලා. අද ජනතාව පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් භුක්ති විදිනවා. නමුත් සමහරුන්ට ඒ දේවල් මතකත් නැහැ. මේ ආණ්ඩුව මොනාද කළේ කියලා අහනවා. අද වැදගත් වන්නේ ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය සහ තරුණයන්ට මුල් තැන දී කටයුතු කරන සමාජයත් තමයි “යැයි පැවසීය.