“වසර දෙකක් තුළ විදුලි ඒකකයක් සදහා නිෂ්පාදන වියදම රු.15.00 – රු16.00 මට්ටමකට ගේන්න අපට හැකිවේවි ….”
31 0

Posted by  in Latest News

ආන්ටෙ ලෙකෝ සමස්ත ලංකාවටම සුහුරු මනු සපයන ආයතනක් බවට පත් කරනවා ….

මීට වසර 15 කට කළින් ගන්න තිබුණ තීරණ තමයි

අපි අද ගන්නේ ….

( බණ්ඩාරගම ආන්ටෙ ලොකෝ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්, විෂයභාර අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. )

“නැව් ගන්න යනවා. අරවා මේවා ගන්න යනවා කියලා මේ දින 140 ට එක්තරා පිරිසක් විසින්  රටේ අසත්‍ය බොහෝ දේ පැතිරෙව්වා. මේ වනවිට අපේ සම්පූර්ණ ජනන ධාරිතාවය තිබෙන්නේ මෙගාවොට් 4100. ඉල්ලුම වසරකට කිලෝ වොට් බිලියන් 18.800 ක්. වර්ෂාපතනය අඩු වෙද්දි කොහෙන්ද අපි නිෂ්පාදනය කරන්නේ. මේක ලංකා විදුලිබල මණ්ඩලයේම ප්‍රශ්නයක් නෙමෙයි. දේශපාලන තීන්දු තීරණ ගැනිමේ දුර්වලතාවත් මේ සදහා බලපානවා. වසර 15ක් 20 ක් නිවැරදි තීන්දු තීරණ  නොගැනීමේ ප්‍රතිවිපාක තමයි මේ. නමුත් අපි නොබියව ඒ තින්දු තීරණ අරන් තිබෙනවා. අපි හැමදේම ආනයනය කරලා ලේබල් කරන එකට තමයි කැමතියි. ලංකාවේ හදන දේවල් ප්‍රමිතියෙන් අඩුයි, සුද්දන්ගෙන් ගේන දේ තමයි හොද කියන මතයේ තමයි බොහෝ දෙනා සිටින්නේ. මේ ආයතනය තුළින් අපි ඒ මතය බිදදමනවා “යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහ්ස පළකළේ, අද (31) පෙරවරුවේ බණ්ඩාරගම පිහිටි  ආන්ටෙ ලෙකෝ ආයතනයේ පැවති නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමිනි. මෙම අවස්ථාවට අජිත් පී. පෙරේරා අමාත්‍යවරයාද සහභාගි විය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

“මම අද මෙතෙන්ට ආවේ නිදහස් මනසකින්. ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ආන්ටෙ ලෙකෝ ආයතනය මගින් මුළු රටටම මීටර් නිෂ්පාදනය කරන මතකයෙන් තමයි මම  මෙතෙන්ට ආවේ. අපි අද තීන්දුවක් ගන්නවා, මේ ආයතනය මේ රටේ 6% ක, 7% ක ඉල්ලුමක් සපුරන ආයතනයක් පමණක් නෙවෙයි,  සමස්ත ලංකාවටම මීටර් සපයන ආයතනක් බවට පත් කරන්න.  මෙතෙක් කාලයක් ස්මාර්ට් මිටර් 50,000ක්, Time of use meter  දෙලක්ෂයක් කියන දේ අද සිට වෙනස් වෙනවා. අද සිට රටටම ස්මාර්ට් මීටර් පමණයි. එළඹෙන අගොස්තු මාසේ 28 දා සිට මෙම මීටර් එක තුළ තිබෙන මෝඩම් එකත් මෙහිම නිෂ්පාදනය කරන්න ආරම්භ කරනවා. මෙහෙම තමයි අපි ඉදිරියට යන්න අවහ්‍ය වන්නේ.

පාරිභෝගිකයන් ලක්ෂ 63 ක් මේ රටේ සිටිනවා. ඒකෙන් ලක්ෂ 51 ක්  ඒකක 120 කට අඩුවෙන් පාවිච්චි කරනවා. ඉතිරි ලක්ෂ 17 තුළින් තමයි ලංවිම ලාභයක් ලබන්නේ. ඒකෙන් තෙකලා විදුලිය සැපයුම් වසරකට 50,000 ක් 60,000 ක් පමණ අවශ්‍ය වෙනවා. එළඹෙන අගෝස්තු මාසේ 28 වනදා සිට ඒ සදහා අවශ්‍ය උපකරණත් මෙහිම හදන්න අපි පියවර ගන්නවා. මෙම නිෂ්පාදනයන් ශ්‍රී ලංකාවට පමණක් නෙමෙයි ජාත්‍යන්තර ප්‍රමිතියට නිෂ්පාදනය කරලා අපනයනය කිරීමටත් පියවර ගන්නවා. මේ තීරණ මීට වසර 15 කට කළින් ගන්න තිබුණ තීරණ. අපි මේවා ගන්නේ දේශපාලනය කරන්න නෙමෙයි.

ලංකා විදුලිබල මණ්ඩලය කෝටි 8900 ක් අලාභ දරණ ආයතනයක්. ජනනය කිරීමේදී සිදුවන නාස්තිය නිසා තමයි මේ අලාභය සිදුවන්නේ. මේකෙන් එක රුපියලක් අඩු කරන්න පුළුවන්නම්, කෝටි 1600ක් ඉතිරි කරන්න පුළුවන් වසරකට. අපට හැකියාවක් තිබෙනවා අඩු වියදම් ජනන හැකියාව තුළ අධික නිෂ්පාදන වියදම අවම කරලා, එසේ පවතින අලාභය ලාභයක් බවට පත් කරන්න. ලංකා විදුලිබල මණ්ඩලය ඔවුන්ට තිබෙන 2%ක, 3%ක පිටස්තර බලපෑම තුළින් නවීකරණයට ප්‍රථිවිරුද්ධව ගමන් කරන අවස්ථා වෙනස් කරලා, අපිත් සමග අළුතින් සිතන්න පටන් අරන් තිබෙන එක ගැන මම සතුටු වෙනවා.

අද දළ වශයෙන් රු. 23.35 තිබෙන විදුලි ඒකක නිෂ්පාදන වියදමත් සමග විකුණුම් මිල වන්නේ රු. 16.68 ක්.  තවත් මාස 3 කින් 4 කින් අපේ ජනන වැඩපිළිවෙල ආරම්භ වෙනවා. ඒ අනුව තවත් වසර දෙක්ක තුළ අපේ නිෂ්පාදන වියදම රු.15.00 – 16.00 මට්ටමකට ගේන්න අපට හැකිවේවි. අපි පොරොන්දු වෙනවා ගෘහස්ත විදුලිබිල කුමන ආකාරයකින්වත් වැඩි කරන්න දෙන්නේ නැහැ කියලා. ඉතිහාසයේ අක්‍රමිකතා මත දැන් අපි යන්නේ ඉදිරි දැක්මක් තුළින්. අපට අවශ්‍ය වන්නේ බය නැතිව, අවම මිලට ජනනය කරලා පාරිභෝගිකයා ආරක්ෂා කරන්නයි “යැයි පැවසීය.