පුවත් නිවැරදි කිරීම සම්බන්ධව
18 0

Posted by  in Latest News

පුවත් නිවැරදි කිරීම සම්බන්ධව

(අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිබල උත්පාදනයට බ්‍රිතාන්‍යයේ සහාය – 2019.04.17)

විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය මගින් 2019.04.17 දිනැතිව, “අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිබල උත්පාදනයට බ්‍රිතාන්‍යයේ සහාය ” මැයෙන් ඔබ ප්‍රවෘත්ති අංශය වෙත යොමුකර ඇති ප්‍රවෘත්ති නිවේදනය සම්බන්ධවයි.

අදාළ නිවේදනයේ සදහන් පරිදි “අපද්‍රව්‍ය යොදාගනිමින් ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනයට බ්‍රිතාන්‍යයේ සහාය” ලබාදෙන බව, බ්‍රිතාන්‍ය මහකොමසාරිස් James Dauris මහතා, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමුවී පැවති නිල සාකච්ඡාවකදී පැවසූ බව කියැවේ. ඒ අනුව ඊට අදාළ දර්ශන සහ ඡායාරූපද අදාළ නිවේදනය සමග යොමුකර ඇත.

නමුත්, අපද්‍රව්‍ය යොදාගනිමින් ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනයට බ්‍රිතාන්‍යයේ සහාය ලබාදෙන බවට විෂයභාර අමාත්‍ය රවී කරුණානායක මහතා සමග පැවති නිල සාකච්ඡාවකචදී පවසා ඇත්තේ, ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහකොමසාරිස්  Victoria Coakley මහත්මිය විසිනි.

අපගේ ප්‍රමාදදෝෂයක් හේතුවෙන් සිදුවූ වරද පිළිබදව කණගාටුව ප්‍රකාශ කරන අතරම ඒ සම්බන්ධයෙන් ඔබ මාධ්‍ය ආයතනය යම් අපහසුතාවකට පත්වූයේනම් ඒ පිළිබදව සමාව අයැද සිටිමි.

මේ පිළිබදව ඔබගේ කාරුණික අවධානය යොමුකර, ඉහත ප්‍රවෘත්තිය නිවැරදි ආකාරයෙන් පළකිරීමට අවශ්‍ය කටයුතු ඉටුකර දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඊට අදාළ  නිවැරදි  ඡායාරූප සහ දර්ශනද විද්‍යුත් තැපෑලට යොමු කර ඇත.

මේ සම්බන්ධයෙන් ඔබ විසින් දක්වන සහයෝගය පිළිබදව අතිශය කෘතඥ වෙමි.