Posted by superadmin in Latest News
” අපි දෙමළ ජාතික සංධානයට කිසිම කොන්දේසියක් පණවල නැහැ. ඉල්ලීමක් කරලා නැහැ. ඒ කතාව අමූලික බොරුවක් …..”
“මේ වනවිට අපි වියළි කාලගුණික තත්ත්වයට මුහුණ දියහැකි, අඩු වියදම් විදුලි ජනන සැලැස්මකට අවතීර්ණ වෙලා සිටිනවා…….”
රවී කරුණානායක
විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය
“සුහදතාවයෙන් කටයුතු කිරීම තමයි ඉතා වැදගත් වන්නේ. ඒ සදහා බාධක කිහිපයක් ඇති වෙලා තිබෙනවා. ඒ තත්ත්වයන් යටපත් කරගෙන, ජනතාවගේ යහපත උදෙසා සාමුහිකව කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය ඡන්දයක් නැතිවම සම්මතවීම තුළින්, කව්රු කොහොම කිව්වත් පාර්ලිමේන්තුවේ සැබෑ තත්ත්වය, එකමුතුභාවය කෙතරම්ද කියලා පේනවා” යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා මේ අදහස් පළකලේ, ඊයේ (14) වව්නියාව ප්‍රදේශයේ ඉදිකළ මෙගාවොට් එක බැගින් ජාතික පද්ධතියට එක්කිරීමට නියමිත සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘති දෙකක් විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,
අප සූර්ය විදුලිබලාගාර සංකල්පය මීට වසර ගණනාවකට පෙර ඇති කළාට, විවිධ බාධාවන් හමුවේ ඉතාමත් මන්දගාමීවයි ගමන් කරලා තිබෙන්නේ. අපේ රටේ මෙවැනි සංකල්ප ක්‍රියාවට නැංවීම තුළින් විදුලි බල ජනනයට විශාල රුකුලක් වෙලා තිබෙනවා. මෙම සූර්ය විදුලි බලාගාර නිසා, අපේ තාප බලාගාර අවශ්‍යතාව අඩුවෙනවා. ඒක තමයි අපට අවශ්‍යම වෙන්නේ. පුනර්ජනනීය විදුලිබල ප්‍රභවයන් ව්‍යාප්ත වීම ඉතාමත් වැදගත්. මෙම සූර්ය විදුලි බලයේ ඇති එකම දුර්වලතාවය තමයි රාත්‍රී කාලයට යොදාගත නොහැකි වීමයි. ඒ වෙනුවෙන් අපි දැනට බැටරි යොදාගෙන කටයුතු කරනවා. අපේ රටේ සංවර්ධනය සෑම කොනකටම පැතිරිලා තිබෙනවා. මේ ප්‍රදේශයේ සුළං සහ සූර්ය බාලාගාර වැඩි වශයෙන් සංවර්ධනය කරන්න අපි කටයුතු කරනවා.
අපි දන්නවා සෑම වර්ෂයකම වියළි කාලගුණික තත්ත්වයක් උදා වෙනවා කියලා. ඒ කාල වලට විදුලිබල ක්ෂේත්‍රයේ ගැටළුකාරි තත්ත්වයන් සමනය කරගන්න ක්‍රමෝපායන් හදුනාගන්න, ස්ථිරසාර විසදුමක් ලබාගන්න වසර ගණනාවක් තිස්සේ බැරි වෙලා තිබෙනවා. නමුත් අපි බලයට ඇවිත් කෙටි කාලයක් තුළ මෙම වියළි කාලගුණික තත්ත්වයට මුහුණ දෙන්න හැකි ජනන සැලැස්මකට අවතීර්ණ වෙලා සිටිනවා. අඩු වියම් ජනන සැලැස්මක් දැන් අපි ආරම්භ කරලා තිබෙනවා.
මෙම අවස්ථාවේදී වර්ථමාන දේශපාලනික වාතාවරණය පිළිබදව මාධ්‍ය විසින් නැගු ප්‍රශ්න වලට පිළිතුරුන් අමාත්‍යවරයා …,
“අපි දෙමළ ජාතික සංධානයට කිසිම කොන්දේසියක් පණවල නැහැ. ඉල්ලීමක් කරලා නැහැ. එම කතාව අමූලික බොරුවක්. කොන්දේසි දාන්නේ අන්තවාදියෝ. රටේ සංවර්ධනයට බාධා පමුණුවන, සුභවාදිව ගමන් කිරීම ඇනහිටවන අය. කව්ද හිතුවේ වව්නියාව පැත්ත මේ තරම් සංවර්ධනය වෙයි කියලා. නමුත් අදවෙන කොට මේ ප්‍රදේශ විශාල සංවර්ධනයකට ලක් වෙලා තිබෙනවා. මේ සංවර්ධනයේ සමබරතාවය මාධ්‍ය විසින් ජනතාවට පෙන්විය යුතුයි. එක්සත් ජාතික පෙරමුණ කෙටි කාලයක් ඇතුළත රටට අත්කරලා දුන්න සංවර්ධනය ඉතාමත් වැදගත්. මේක ඉතාමත් ආදර්ශමත් වැඩපිළිවෙලක්. අපි ඕනැම අවස්ථාවක ඡන්දයකට සූදානම්. විපක්ෂයේ සියළු පක්ෂ එකතු වුණත් කිසි වෙනසක් වෙන්නේ නැහැ. අපේ පක්ෂය එකමුතුකමින් වැඩකිරිම තමයි වැදගත් වන්නේ යැයි පැවසීය.