Posted by superadmin in Latest News
- පසුගිය වසර 03 ක් තිස්සේම සැලකිය හැකි මට්ටමේ විදුලි ජනන කටයුත්තක් සිදුවෙලා නැහැ.
- පියසි මත සවිකර ඇති සූර්ය පැනල මගින් උත්පාදිත විදුලිය පමණයි ජාතික පද්ධතියට අමතර වශයෙන් එකතු වී තිබෙන්නේ.
- හදිසි විදුලිය මිලදීගැනීම් හැකිතාක් අවම කිරීමට පියවර
රවී කරුණානායක
විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය
විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය
“විදුලිබල බලශක්ති අමාත්‍යාංශය තුළින් සෑම විටම උත්සාහ ගන්නේ ජනතාවට බරක් නොවන අයුරින් විදුලිබලය සැපයීමටයි. ඒ යන ගමන තුළ විදුලිබල මණ්ඩලයේ පාලනය කළ නොහැකි ප්‍රශ්න තුළින් අලාභයට පත්වෙලා තිබෙනවා. අපේ ප්‍රයත්නය වන්නේ එම අලාභයත් නැති කිරීමයි. අපේ රටේ පවතින සම්පත් යොදාගෙන අවම මිලක් යටතේ විදුලිය උත්පාදනය කිරීමයි අපට අවශ්‍ය වන්නේ. මෙහිදී කුඩා සූර්යබල කර්මාන්තකරුවන්ගේ සහ සැපයුම්කරුවන්ගේ සංගමය තුළින් සූර්යබල කර්මාන්තකරුවන් මුහුණපා සිටින ගැටලු හදුනාගෙන ඒ සදහා විසදුම් ලබාදීමට අපි කටයුතු කරනවා. වසර ගණනාවක සිට පවතින ගැටලුවක් තමයි හදිසි විදුලිය මිලදී ගැනීම. මෙවැනි දෙයක් සිදුකිරීමට යන අවස්ථාවලදී ඇතැම් පිරිස් කල්පනා කරන්නේ අපි ඒ තුළින් වෙනත් ව්‍යාපාරයක් කරන්න හදනවා කියලා. මේ තත්ත්වයන් නැති කිරිමට තමයි මෙසේ සුර්යබල විදුලි උත්පාදනයට අතහිත දීලා වර්ධනය කරන්න උත්සාහ කරන්නේ. ඒ වගේම සූර්යබල විදුලි උත්පාදනය තුළින් නිෂ්පාදකයාට, පාරිභෝගිකයාට වගේම ලංකා විදුලිබල මණ්ඩලයටත් යම් ආර්ථිකමය වාසියක් ලබාගත හැකි ආකාරයට මෙම ක්‍රියාදාමය දියත් කිරීමට අපි උත්සාහ කරනවා. පසුගිය වසර 03 ක් තිස්සේම සැලකිය හැකි මට්ටමේ විදුලි ජනන කටයුත්තක් සිදුවෙලා නැහැ. වහල පියසි මත සවිකර ඇති සූර්ය පැනල මගින් උත්පාදිත විදුලිය පමණයි ජාතික පද්ධතියට අමතර වශයෙන් එකතු වී තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් හැකිතාක් අවධානය යොමුකර මාර්තු මස 01 දින වනවිට විදුලි ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ආණ්ඩුවට නව ප්‍රතිපත්තියක් හදුන්වාදීමට කටයුතු කරනවා” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.
ඒ මහතා මෙම අදහස් පළකළේ කුඩා සූර්යබල කර්මාන්තකරුවන්ගේ සහ සැපයුම්කරුවන්ගේ සංගමය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමග පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මෙහිදී කුඩා සූර්යබල කර්මාන්තකරුවන් සහ සැපයුම්කරුවන් මුහුණපා සිටින ඉඩම් අත්පත් කරගැනීම, උත්පාදිත සූර්යබල විදුලිය රදවා තබාගැනීම මෙන්ම කුඩා සූර්යබල විදුලි උත්පාදන ව්‍යාපෘති ආරම්භ කිරීමේදී අනුමැතිය ලබාගැනීම, ණය පහසුකම් ලබාගැනීම ආදි කරුණු පිළිබදව අමාත්‍යවරයා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිනි.
ඒ අනුව කුඩා සූර්යබල කර්මාන්තකරුවන් සහ සැපයුම්කරුවන් මේ වනවිට කර්මාන්තය සම්බන්ධයෙන් මුහුණපා සිටින ගැටලු සහ ඒවා විසදාගැනීමට ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා සහ චෝදනා ඇතුලත් වාර්තාවක් ඉදිරි සති දෙකක කාලය ඇතුලත තමා වෙත ඉදිරිපත් කරන ලෙසත්, එම වාර්තාව අනුව සූර්ය විදුලිබල උත්පාදන කර්මාන්තකරුවන්ට උපරිම වශයෙන් සිය කර්මාන්තය සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සපයා දීමට තමා කටයුතු කරන බවත් අමාත්‍ය කරුණානායක මහතා වැඩිදුරටත් පැවසීය.