සෞභාග්‍යමත් අනාගතයක් කරා යාමට  මංපෙත් හෙළිපෙහෙලි වේවා …..
01 0

Posted by  in Latest News

ගැටළුකාරි අපේක්ෂා භංගත්වයෙන් පිරි අදුරු යුගයක් නිමා කරමින්, ජනතා ශක්තියෙන්, ජනතා කැමැත්තෙන් පත්වූ නව ආණ්ඩුවක් යටතේ උදාවන්නාවූ පළමු නව වසර වන, 2019 වසර වෙනුවෙන් ජනතාවට සුභාශිංසන එක්කිරීමට හැකිවීම පිළිබඳව ඉමහත් සතුටට පත්වන්නෙමි.

ජනතාවගේ සිත්සතන් වසා ගත් අවිනිශ්චිත භාවයේ අඳුරු වලාවන්, ස්ථිරත්වයේ සහ විශ්වාසයේ සුළඟින් පලවාහරින්නට එක්සත් ජාතික පක්ෂයක් යටතේ ඔබ විසින් පත්කළ නව ආණ්ඩුවට හැකියාව සහ ශක්තිය ඇති බව මා තරයේ ප‍්‍රකාශ කර සිටින්නෙමි.

ඔබ විසින් අප වෙත තැබූ  ඒ විශ්වාසය, ඒ අයුරින්ම සුරකිමින්, රටේත් ජනතාවගේත් සුභසිද්ධිය සඳහා ජනතා නියෝජිතයන් වශයෙන් අප නිරන්තරයෙන් ඇපකැප වන්නෙමු.

රට විදුලියෙන් ඒකාලෝක කරමින්, ජනතාවගේ විදුලි අවශ්‍යතා අඛණ්ඩ මෙන්ම විශ්වාසදායි අයුරින් සපුරාලන්නට, නව රජයේ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් මා තිර අදිටනින් යුතුව කටයුතු කරන්නෙමි.

උදාවූ නව වසරේ විදුලියේ ආලෝකයෙන් රටේ මෙන්ම ජනතාවගේ ජීවිත ආලෝකමත්වී, කඳුළට සුසුමට සමුදී, සතුට, සැනසුම රැුඳි සෞභාග්‍යමත්  අනාගතයක් කරා යන මංමාවත් හෙලිපෙහෙළි වේවායි ප‍්‍රාර්ථනය කරමි.

රවී කරුණානායක
විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය