Posted by superadmin in Latest News
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතා අද (27) පෙරවරුවේ සිය අමාත්‍ය ධුරයේ නිල වශයන් රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ, අමාත්‍යාංශ පරිශ්‍රයේදී නිල වශයෙන් රාජකාරි ඇරඹීමෙන් අනතුරුව රැස්ව සිටි පිරිස ඇමතූ රාජ්‍ය අමාත්‍යවරයා, තමන්ට මෙම ධූරය ලබාදීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමන්ට ස්තුතිවන්ත වන අතරම, එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් වන, රවී කරුණානායක අමාත්‍යතුමා වැනි අමාත්‍යවරයෙක් සමග එක්වී මෙම අමාත්‍ය ධූරය තුළින් පුළුල් ජනතා මෙහෙවරක් සිදුකිරීමට කැපවන බවත් පැවසීය.
මෙම අවස්ථාවට විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, දයා ගමගේ, පී. හැරිසන් යන අමාත්‍යවරුන්, විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.