ශ්‍රී ලංකාවේ ප්‍රථම ද්‍රවකෘත වායු (LNG) විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ලබන මස හම්බන්තොටදී ඇරබේ…
28 0

Posted by  in Latest News

ශ්‍රී ලංකා ජනරජයල චීන ජන රජය සමග ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුමකට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ද්‍රවකෘත වායු (LNG) විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ලබන මසදී (ඔක්තෝබර්) හම්බන්තොටදී ආරම්භ කිරීමට නියමිත බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ අදාල ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිත ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමිනි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා….
මෙම ව්‍යාපෘතිය අපි ආරම්භ කරන්නේ චීන රජයත්, ශ්‍රී ලංකා ජනරජයත් හා ලංකා විදුලිබල මණ්ඩලයත් ඒකාබද්ධ ව්‍යාපෘතියක් වශයෙන්. හම්බන්තොට ඉදිවන මෙම බලාගාරය මගින් මෙගාවොට 300ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතයි. රටේ විදුලියට තිරසාර විසදුමක් ලෙස පරිසර දූෂණය ඉතා අවම මට්ටමේ පවතින LNG විදුලි බලාගාරය පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වේ.