10 0

Posted by  in Latest News

ශ්‍රී ලංකාවට ස්වභාවික ද්‍රව වායු බලාගාර හඳුන්වාදීමේ ප්‍රතිපත්තිය යටතේ ක්‍රියාත්මක කෙරෙන කෙරවලපිටිය මෙ.වො. 300 ස්වභාවික ද්‍රව වායු බලාගාරයක් පුද්ගලික අංශයේ ආයෝජනය යටතේ ක්‍රියාත්මක කිරීමට ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කරන ලදී. මේ වනවිට මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අවසන් අදියරට එළඹී ඇති අතර තෝරාගත් ලංසුකරුට ටෙන්ඩර් පිරිනැමීමට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.

කෙසේ නමුත් පසුගිය කාලය පුරාවටම විවිධ පාර්ශවයන් විසින් විවිධ වූ අසත්‍ය චෝදනා, කරුණු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ සමාජගත කිරීමට කටයුතු කරමින් පවති. එම ප්‍රසම්පාදනයේ අවසන් අදියර යටතේ මේ වන විට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට කරුණු ඉදිරිපත් කර ඇත. ඕනෑම ප්‍රසම්පාදනයකදී තාක්‍ෂණ ඇගයීම් කමිටු නිර්දේශයන් ප්‍රසම්පාදන තීරණ ගැනීමේදී ප්‍රසම්පාදන කමිටුව සැලකිල්ලට ගන්නා අතර ඉන් අනතුරුව ඒ සඳහා සුදුසුකම් නොලැබූ ටෙන්ඩර්කරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති  ප්‍රසම්පාදන අභියාචනා කමිටුවට අභියාචනා කල හැකිය. මෙ.වො. 300 ස්වභාවික ද්‍රව වායු බලාගාර ප්‍රසම්පාදන යටතේ ද මෙම ආකාරයට කටයුතු සිදුවී ඇත. තාක්‍ෂණික ඇගයීම් කමිටු නිර්දේශ මත අමාත්‍ය මණ්ඩල අනුමත ප්‍රසම්පාදන කමිටුව මගින් ගනු ලැබු තීරණය පිළිබඳව අභියාචනා ඉදිරිපත් කිරීමට මේ සඳහා සුදුසුකම් නොලැබු ටෙන්ඩර්කරුවන්ට දන්වා ඇත.

ඒ අනුව ප්‍රසම්පාදන අභියාචනා කමිටුවට අභියාචනා ඉදිරිපත් කල ආයතනයේ අභියාචනය, ප්‍රසම්පාදන අභියාචනා කමිටුව පිළිගෙන ඇත. එම තත්ත්වය ප්‍රසම්පාදන අභියාචනා කමිටුව විසින් ජූනි මස 08 දින අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තා කර ඇත. එහිදී අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගින් ප්‍රසම්පාදන අභියාචනා කමිටුවේ නිර්දේශ සමග එකඟවී ඇත. ඒ අනුව අමාත්‍යාංශය මගින් ජූනි 11 දින කැබිනට් මණ්ඩලය වෙත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත. මෙය ඕනෑම ප්‍රසම්පාදන ක්‍රියාවකදී සිදුවන ආකාරය වන අතර එම කටයුතු විනිවිදභාවයකින් යුතුව සිදුවී ඇත.