‘අපට තියෙන විශාල අභියෝගයක් තමයි  රටේ සෘජු බදු වැඩි කරලා වක‍්‍ර බදු අඩු කිරීම …..’
08 0

Posted by  in Latest News

රංජිත් සියඹලාපිටිය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය

‘දැනට අපේ රටේ සෘජු බදු ලිපිගොනු ලක්ෂ 4 යි. නමුත් අපේ රටේ ඒකපුද්ගල ආදායම අනුව සෘජු බදු ලිපි ගොනු ලක්ෂ 15 ක්වත් තිබිය යුතුයි. ඒත් එහෙම නැති වෙලා තියෙන්නේ, බදු අයකිරීම, සරල බව, පැහැදිළිබව සහ ඒ ගැන තිබෙන විශ්වාසය මද බව නිසයි. ඒ නිසා මේ පිළිබඳව දැනුවත් කිරීම රටකට ඉතාමත් වැදගත් වෙනවා.  රටක් වශයෙන් අපට තියෙන විශාල අභියෝගයක් තමයි රටේ සෟජු බදු වැඩි කරලා වක‍්‍ර බදු අඩු කිරීම’ යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප‍්‍රකාශකර සිටී.

ඒ මහතා මෙම අදහස් පළකළේ,  පසුගියදා කෑගල්ල කර්මාන්ත සහ වානිජ මණ්ඩලයේ පැවති උත්සව අවස්ථාවට  සහභාගි වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා..
‘ව්‍යවසායකයාගේ අකමැතිම වචනය තමයි මේ බදු කියන්නේ. හැබැයි අපි ඒ අකමැති වචනය, කැමතිම වචනය කරගත යුතුයි. ලෝකේ වැඩිම අභියෝගයක් බාර ගන්නා සිරිස තමයි වානිජ මණ්ඩලයේ මේ එකතු වෙලා සිටින්නේ. මම බලාපොරොත්තු වෙනවා මේ පිරිස අතරින් බදු පිළිබඳව පමණක් නෙමෙයි සමාජයට වැදගත් සෑම පණිවිඩයක්ම සමාජගත වෙයි කියලා. ආර්ථික විද්‍යාවට අනුව ලෝකය ඉදිරියට යන්නේ සාධක 4 ක් මත. ඒ තමයි භූමිය, ශ‍්‍රමය, ප‍්‍රාග්ධනය සහ ව්‍යවසාය. මේ අතරින් ව්‍යවසායකයා තමයි වඩාත් අවදානමක් දරන්නේ.  ව්‍යවසායකයා තමයි භූමිය, ශ‍්‍රමය සහ ප‍්‍රාග්ධනය යන සියල්ල නිසි පරිදි ගලපලා ලෝකෙට යමක් දෙන්නේ. එය භාණ්ඩයක්, ද්‍රව්‍යයක් හෝ සේවාවක් විය හැකිය. ඔහු අනිත් මිනිසුන් වෙනුවන් අවධානමක් දරනවා. ඒ අවදානම ඔහු නොදැරුවානම් ලෝකය එක තැනක නවතින්න තිබුණා’ යැයි පැවසීය.