Posted by superadmin in Latest News
2020 වන විට ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව 35%කට ගෙන එනවා…
අමාත්‍ය රංජිත් සියඹලාපිටිය
කලට වැසි ලැබී ජල විදුලි ජනනය නිසි පරිදි ලැබීමට ගෞරවයක් ලෙස ජය ශ්‍රී මහා බෝධියට සතර වාහල්කඩ කිරි උතුරවා ගෞරව කිරීමේ සාම්ප්‍රදායික චාරිත්‍රිය, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රදානත්වයෙන් අද (18) උදෑසන සිදු විය.
මේ වන විට විදුලිය ජනනය කරන ජලාශවල ජල ධාරිතාව 60%ක මට්ටමේ පවතී. එම නිසා අඛණ්ඩ විදුලි සම්පාදනයේදී සුවිශේෂී දායකත්වයක් පුනර්ජනනීය බලශක්තියක් ලෙස ජල විදුලිය මගින් ලැබේ.
අමත්‍යවරයා මෙම සුවිශේෂ ආගමික කටයුක්තට එක් වෙමින් ප්‍රකාශ කලේ ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් පෝෂණය කිරීම සදහා අවශ්‍ය සැළසුම් මේ වන විට සකස්කොට ඇති බවත් මේ තුළින් වඩාත් යහපත් කඩිනම් ප්‍රතිඵල ලබාගත හැකි බවත්ය. 2020 වන විට ලංකාවේ සාම්ප්‍රදායානුකූල නොවන පුනර්ජනනීය බලශක්ති ධාරිතාව 20% දක්වා ගෙන ඒම තමාගේ අභිප්‍රාය බව ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කලේය.