Posted by superadmin in Latest News
රංජිත් සියඹලාපිටිය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය
“කාලය සමග නිරන්තර සටන් කරන පොරොන්දු, වගකීම්, යුතුකම් කියන දේවල් කිසිදිනක අමතක නොවෙන දේශපාලඥයෙක් මම. ඒ වගේම ජනප‍්‍රිය රැුල්ල තෝරානොගෙන, ඊට වඩා වෙනස් දේශපාලන රාමුවක වැඩකරන දේශපාලඥයෙක්. මම නිරන්තරයෙන්ම සිතන්නේ, මගෙන් ඉටුවිය යුතු වගකීම් පිළිබඳව. ඒ නිසා තමයි සූර්යබල සංග‍්‍රාමය ආරම්භ කරලා, වසර 2050 වනවිට තෙල් දහනයෙන් තොරවූ ස්වයංපෝෂිත විදුලි නිෂ්පාදනයක් ලංකාව තුළ ඇතිකිරීමට සැලසුම් කරන්නේ” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප‍්‍රකාශකර සිටී.ඒ මහතා මෙම අදහස් පළකළේ, පසුගියදා කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ස්වර්ණජයන්ති පාසලට සූර්ය විදුලිබල පද්ධතියක් ලබාදීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා..,
“අද අපි මේ ස්වර්ණජයන්ති පාසල සූර්යබල සංල‍්‍රාමයේ කොටස්කරුවෙක් කරගත්තා. අද සිට මේ පාසල විදුලි බලාගාරයක්. මේ රටේ පියසි දසලක්ෂයක් විදුලිබලාගාර කරන්න අපි සැලසුම් කරලා තිබෙනවා. මෙම වැඩසටහන ජනතාව අතර ප‍්‍රචලිත කිරීමේ අරමුණෙන් ජනතාවගේ අවධානය වැඩියෙන් යොමුවන පාසල්, පන්සල්, රජයේ කාර්යාල වලට නොමිලයේ සූර්යබල පද්ධති සවිකරන්න අපි සැලසුම් කළා. අපේ මුඛ්‍ය අරමුණ වන්නේ ශ‍්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් ස්වයංපෝෂිත කිරීම” යැයි පැවසීය.