“වැටෙන සෑම හිරු කිරණක්ම, සෑම දිය බිඳුවක්ම අපතේ යන්නට නොදී ප‍්‍රයෝජනයට ගන්න සුනිත්‍ය බලශක්ති අධිකාරිය සූදානම්…” “නව විදුලිබල රාජ්‍ය අමාත්‍යතුමාට මාගේ සුබපැතුම්…”
15 0

Posted by  in Latest News

රංජිත් සියඹලාපිටිය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය

“සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙච්චර කාලයක් ගෙනගියේ අනුන්ගේ ගොඩනැගිලිවල. ස්ථීර ගොඩනැගිල්ලකට එනවා කියන්නේ මෙම ආයතනයේ වැඩකටයුතු වඩාත් ක‍්‍රමවත් වෙනවා. මෙම ගොඩනැගිල්ල විශේෂ ඉදිකිරීමක්.  සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඉතාම හොඳ පරිසර හිතකාමි ක‍්‍රමවේදයකට ඉදිකරන ලද ගොඩනැගිල්ලකට එන්නයි යන්නේ. මේ ගොඩනැගිල්ල ඉතාමත් පරිසර හිතකාමියි. වැටෙන සෑම හිරු කිරණක්ම, වැටෙන සෑම දිය බිඳුවක්ම ප‍්‍රයෝජනයට ගන්නයි සුනිත්‍ය බලශක්ති අධිකාරිය සූදානම් වෙන්නේ. ඒක ඉතාමත් වැදගත්. මෙම ආයතනය දෙස ජනතාව බලාගෙන සිටිනවා. ඒ නිසා ඇත්ත වශයෙන්ම සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඒ ආකාරයෙන් ජනතාවට ආදර්ශමත් වියයුතුයි. තවත් විශේෂත්වයක් තිබෙනවා අද. විදුලිබල හා පුනර්ජනනීය රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මැතිතුමා එතුමාගේ නව උසස්වීම ලැබුණට පස්සේ සහභාගිවන පළමු උත්සවය තමයි මේ. අපි සියළු දෙනාගේම සුබපැතුම් එතුමාට පිරිනමනවා මේ අවස්ථාවේ” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.

ඒ මහතා මෙම අදහස් පළකළේ, සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙනුවෙන් ඉදිකිරීමට නියමිත පරිසර හිතකාමී ගොඩනැලිල්ලට මුල්ගල තැබිමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි. මෙම නව පරිසර හිතකාමී ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් රු. මිලියන 550ක මූල්‍ය පිරිවැයක් දැරීමට සිදුවෙතැයි ඇස්තමේන්තු කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා ….

“මේ රටේ පනත් අතරින් ඉතාම නිර්මාණශීලී පනතක් හැටියට මා සුනිත්‍ය බලශක්ති අධිකාරි පනත දකිනවා. ඒ වගේ නිර්මාණශීලී, පුළුල් පරාසයක් සහිත පනතක් මා දැක නැහැ. මේ ක්ෂේත‍්‍රයට අදාළ බොහෝදේ, ක්ෂේත‍්‍රයේ දියුණුවට අදාළ බොහෝ දේ කරන්න ඒ පනතින් ඉඩකඩ සලසලා තිබෙනවා. මෙම නව ගොඩනැගිල්ල තුළ සිට තවත් නිර්මානශීලී බොහෝ දේ කරන්න හැකිවේවායි මා ප‍්‍රාර්ථනා කරනවා. අපි බොහෝ විට දෙයක් ආරම්භ කළාම, ඒ කාර්යය අවසන් කරන්න පරම්පරා ගණනක් ගතවෙනවා. නමුත් මෙම ගොඩනැල්ලේ සුවිශේෂත්වය තමයි, ඉතාම කෙටි ඒ වගේම නිශ්චිත කාලයකින් නිම කරන්න සැලසුම් කිරීම. ඒ අනුව මේ වසරේ දෙසැම්බර් මාසය වෙද්දි මෙහි වැඩ අවසන් කරන්න සැලසුම් කර තිබෙනවා” යැයි පැවසීය.