15 0

Posted by  in Latest News

ඉතාම අතලොස්සක ප්‍රමාණයක විදුලි බිද වැටීම් කිහිපයක් පමණක් සිදු වුවද රටේ සෑම තැනකම බාදාවකින් තොරව විදුලිය සම්පාදනය කිරීමට හැකි වූ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටී.

ජනන අංශය             – 100%

සම්ප්‍රේෂණ අංශය      – 100%

බෙදාහැරීම් අංශය            -  65%

ප්‍රමාණයකින් ක්‍රියාත්මක වූ අතර, එයට සහායෝගය ලබාදුන් කාර්මණ්ඩලවලට ස්තුතිය පළ කරන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටී.

මානුෂික තත්වයන් නොසළකා හරිමින් වෛද්‍යවරුන්ගේද, ඉල්ලීම නොසලකා කොළඹ ජාතික රෝහලෙන් විදුලි කාර්යමණ්ඩලය ඉවත් කර ගැනීම වර්ජනයක මානුෂික පසුබිම උගසට තැබීමක් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටී.

කුමන බාධක පැමිණියද අඛණ්ඩව මහජනතාවට විදුලිය ලබාදීමට කටයුතු කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.