17 0

Posted by  in Latest News

  •  හෙට සේවයට වාර්තා කරන්න

 

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය

රංජිත් සියඹලාපිටිය

වර්ජනයේ යෙදුනු දින දෙක වැටුප් සහිත නිවාඩු දින ලෙස සේවකයන්ට ලබාදීමට පාලන අධිකාරියට උපදෙස් ලබාදුන් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.

වර්ජිත සේවකයින් පවසන පරිදි රජය සමගවත්, අමාත්‍යාංශය සමගවත් ඇමතිවරයා ලෙස මා සමගවත් ඇති ගැටළුවක් ‍ඔවුන්ට නොමැත. එය ආයතනික වශයෙන් අභ්‍යන්තරව පවතින ගැටළුවක්. ඒ නිසා රටේ ආර්ථිකයට සෘජුවම බලපාන විදුලිය, විසන්ධි වීමකින් තොරව ලබාදීම සදහා සියළු සේවකයන්ට හෙට (18) දිනයේ සේවයට වාර්තාකරන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ප්‍රශ්න විසදා ගැනීමට සාකච්ජා තවමත් විවෘතව ඇත.