14 0

Posted by  in Latest News

ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සමග සාකච්ඡුා කරමින්
 විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති  අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියයි.

වෘත්තීය සමිති මගින් ඉදිරිපත් කරතිබූ ඉල්ලීම් සඳහා විසදුම් ලබාදී තිබියදීත් වැඩවර්ජනයකට යාම සාධාරණ නොවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි. ඒ මහතා මේ බව අවධාරණය කළේ, අද (14) ලංවිම වෘත්තීය සමිති නියෝජිතයන් සමග විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශ පරිශ‍්‍රයේ මේ වනවිටත් පැවැත්වෙන විශේෂ සාකච්ඡුාවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා ප‍්‍රකාශකර සිටියේ සේවකයන් සඳහා කිසියම් අසාධාරණයක් සිදුවී ඇත්නම්, ඒ සඳහා විසදුම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවයි. මතුවී තිබූ සමහර ගැටළු පසුගිය ආණ්ඩුව ඉතිරිකර ගිය ඒවා බවද, එදා මේ ගැන කතාකරන්නවත් වේදිකාවක් නොමැතිව සිටි පිරිසට වේදිකාවක් තනාදී සේවක අයිතීන් සුරක්ෂිත කරන්නට තමා කටයුතු කළ බවද වැඩිදුරටත් ප‍්‍රකාශ කළ අමාත්‍යවරයා, මේ තත්ත්වය නිසා විදුලි පාරිභෝගිකයන්ට ගැටළු ඇතිවීමට ඉඩ නොතබන බවද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය. 

මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාද සහභාගි විය