Posted by superadmin in Latest News
ඊයේ මම නිල් පාට ඇඳගෙන පැය ගණනක් දැවැන්ත පෙල පාලියක් ගියා පක්ෂය වෙුනවෙන් පක්ෂ සම්මේලනයට. අද අපි මෙතන වාඩිවෙලා මේ රටට විදුලිබල මණ්ඩලයට අවශ්‍ය කර්මාන්ත ශාලාවක් විවෘත කරනවා. මේකේ ප‍්‍රශ්නයක් තියෙනවද. වැරැුද්දක් තියෙනවාද. දෙපයින් නැගී සිටීමට වෙර දරන පිරිසක් සිටින, දියුණු වෙමින් පවතින රටකට මේක තමයි අවශ්‍ය. අපි දශක කීයක ඉදලද දියුණූ වෙමින් පවතින රටක් කියලා කියන්නේ. මේක දියුණු රටක් කියන තත්ත්වයට අපි ගෙනියන්න ඕන. අපේ ප‍්‍රධාන සටන විය යුත්තේ ඒකයි. ඊට පස්සේ පුළුවන් අපිට දේශපාලනය කරන්න. අපිට දේශපාලනයක් තියෙන්න ඕන. ස්වාධීන වෙන්න ඕන. පක්ෂයට ආදරය කරන්න ඕන. පක්ෂය රකින්න ඕන. හැබැයි ඒ සියල්ලටම එහායින් මේ රට ජාතිය අපේ අනාගත පරම්පරාව මේව ගැන හිතන්න අපට පුළුවන් වෙන්න ඕන. මම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙක්. මගේ නියෝජ්‍ය අමාත්‍යතුමා එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රභල ක‍්‍රියාකාරි සාමාජිකයෙක්. හැබැයි අපිට ඒක මේ ගමනට කිසි බාධාවක් නැහැ. යැයි පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ සම්මුතිවාදී ආණ්ඩුවට වසර 02 ක් පිරීම නිමිත්තෙන් අද (04* ගලිගමුව කර්මාන්ත පුරවරයේ ඉදිකරන ලද මනු ආවරණ කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතාද මෙම අවස්ථාවට සහභාගි විය.
රු. මිලියන 150ක ආයෝජන වියදමකින් ආරම්භ කරන ලද මෙම කර්මාන්ත ශාලාව මගින් ප‍්‍රදේශයේ තරුණ තරුණියන් රැුසකට රැුකියා අවස්ථා උදාකර ඇත.
ලංකා විදුලිබල මණ්ඩලයට පූර්ණ අනුයුක්ත ශ‍්‍රී ලංකා එනජීස් ආයතනය මගින් මෙම කර්මාන්ත ශාලාව ඉදිකරන ලදී. මෙය පැයකට මනු ආවරණ 100ක් නිෂ්පාදනය කිරීමේ ධාරිතාවයකින් යුක්තය. අති නවීන යාන්ත‍්‍රික උපකරණ වලින් සමන්විත මෙම නව කර්මාන්ත ශාලාව මගින් දේශීය සහ ජාත්‍යන්තර ඉල්ලූමට අවශ්‍ය පරිදි මනු ආවරණ සැකසීමට අපේක්ෂිතය.
මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ලේකම්, ආචාර්ය සුරේන් බටගොඩ, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්. බී. ගනේගල, සබරගමුව පළාත් සභා මන්ත‍්‍රී ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක හර්ෂ සියඹලාපිටිය, පළාත් සභාවේ විපක්ෂ නායක ඩබ්. ඒ .සෝමදාස යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.