සියළුම රාජ්‍ය ආයතන වහල  සූර්ය බලාගාරයක් බවට පත් කරනවා……
08 0

Posted by  in Latest News

“මේ දවස්වල ක්‍රියාත්මක වන අපේ ව්‍යාපෘතියක් තමයි සුර්යබල සංග්‍රාමය. මගේ උත්සාහය තමයි ගෙවල් ලක්ෂ 10ක වහලවල් සුර්යබලාගාර බවට පත් කිරීම. මේ සඳහා හැමෝම උනන්දු කරන්න විවිධ උපක්‍රම යොදා ගත්තා. පන්සල් සියල්ලටම සුර්යබල පද්ධති ලබා දුන්නා. මම ගියවර අයවැය ලේඛණයෙන් කැබිනට් මණ්ඩලයෙදි අනුමැතිය ලබා ගත්තා රාජ්‍ය ආයතන සියල්ලගේම වහලත් සුර්යබලාගාර බවට පත් කරන්න. තව මාස 2කින් ශාන්ත බාලිකාවෙත් වහල සුර්යබලාගාරයක් බවට පත් කරනවා” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකාවේ තාක්ෂණික විද්‍යාගාරයට මුල්ගල තැබීමේ උත්සවයට සහභාගී වෙමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍ය සියඹලාපිටිය මහතා………..

” අනෙක් ආසියානු රටවල් එක්ක සාපේක්ෂව බලද්දි අපේ රටේ අධ්‍යාපනය ඉහල මට්ටමක තියෙනවා. අපිට ප්‍රශ්ණයක් තියෙනවා, අද අධ්‍යාපනය හා රටේ ඉල්ලුම අතර විශාල පරතරයක් තියෙනවා. උපාධිධාරින් ලක්ෂයකට රැකියා දුන්නා මීට අවුරුදු 5කට කලින්, කොහොම වුණත් දැන් ආයෙමත් ඒ වගේම උපාධිධාරින් සිටිනවා. මේ දේවල් මෙහෙම වෙන්නේ  අධ්‍යාපනය හා රටේ ඉල්ලුම අතර විශාල පරතරයක් තිබිය යුතුයි. හැම අධ්‍යාපන ක්ෂේත්‍රයකම අවසානයම රැකියාවක් විය යුතු නැහැ. එහෙම වුණොත් ලෝකේ ඉස්සරහට යන්නේ නෑ. කලාකරුවෝ, දාර්ශනිකයෝ ආදී විවිධ ක්ෂේත්‍ර තිබිය යුතුයි. බහුතරයක් රැකියා අභිමුඛ අධ්‍යාපන ක්ෂේත්‍රයක් පැවතුණොත් මේ පවතින පරස්පරය ඇති වෙන් නැහැ. ලෝකේ බෝහෝ රටවල අධ්‍යාපනය අද ඒ තැනට යොමු කරගෙන තියෙනවා. රැකියා පෝලිමක් නෑ. රැකියා විරහිත උපාධිධාරි සංගම් බිහිවෙන්න අවශ්‍ය නැහැ. එයට අපේ රටේ කරන්න පුළුවන් හොඳම දේ තමයි දරුවන් තාක්ෂණික පැත්තට යොමු කිරීම. මෙය ඒ දවස්වල ගත්ත හොඳම ප්‍රයෝගික තීරණයක්. මෙය ලෙහෙසි දෙයක් නෙමෙයි රාජ්‍ය ප්‍රත්පත්තියක් වෙනස් කරලා අපි සියලු දෙනාගේ එකතුවෙන් කරන දෙයක්. මෙය එක් පියවරක් වුණා තාක්ෂණය රටට, දරුවන්ට ලබාදෙනවා වගේම ජනප්‍රිය පාසල් කරා ඇදීමට තියෙන උත්තරයක් වශයෙන්. ජනප්‍රිය නොවන පාසල් වලට තමයි තාක්ෂණික විද්‍යාගාර දෙන්නේ. ඒ නිතීය වෙනස් කරන්න බැහැ. මෙහි අභිමතාර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි තාක්ෂණය ඉගැන්වීම අනිත් එක තමයි රටේ දැවැන්ත තරඟයට පිළිතුරක් ලබා දීම.”

රංජිත් සියඹලාපිටිය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය