01 0

Posted by  in Latest News

“මේ දවස්වල විශේෂයෙන්ම බෝහෝ අය කතා කරනවා විදුලිය කපනවාද, කපන්න සුදානම්ද, පෙරහුරුවක්ද මෙවැනි විශේෂ කතාබහක්. අපි ඉතාමත් අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දීලා තියෙනවා. විශේෂයෙන්ම අද දවසේ මේ වන විට තත්ත්වය බලන විට දෛනික විදුලි ඉල්ලුම ගි.වො. පැය 44 ඉක්මවා ගිහින් තියෙනවා. පසුගිය වර්ෂයේ සාපේක්ෂ මේ දිනවල දෛනික විදුලි ඉල්ලුම තිබුණේ ගි.වො. පැය 40කට ආසන්න ප්‍රමාණයක්. මේ විදියට බැලුවම 10%ක විදුලි ඉල්ලුම වැඩි වීමක් මේ වියළි කාළගුණයත් එක්ක ඇති වෙලා තියෙනවා. අපේ විදුලිය නිෂ්පාදනය කරන ජල ධාරිතාව 36% දක්වා අඩු වෙලා තියෙනවා. සමහර ජලාශ වල ධාරිතාව 20% දක්වා අඩු මට්ටමකට පැමිණ තියෙනවා. අපේ ප්‍රධානතම බලාගාරය බවට පත් වී තියෙන නොරෙච්චෝලේ තාප බලාගාරයේ මෙ.වො. 300ක් නිපදවන එක් යන්ත්‍රයක් අලුත්වැඩියාවක් සඳහා නතර කර තියෙනවා. ඒ වගේම පෞද්ගලික බලාගාරයක් වන සොජිස්ටිස් බලාගාරයේ මෙ.වො. 60ක් අලුත්වැඩියාවක් සඳහා නතර කර තියෙනවා. මේ සියලුම අභියෝග ජල විදුලිය නිෂ්පාදනය අඩු වෙනවා කියන්නේ අපට විශේෂයෙන්ම තාප බලාගාර සියල්ල ක්‍රියාත්මක කරන්න වෙනවා. අපි මේ ගැන ජනතාව එක්ක, ඒ වගේම රජය එක්ක කතා කරා අපට මේ 2017 පළවෙනි මාස 6 තුළ දීර්ඝවම අඛණ්ඩව නියගය පැවතුණොත් අප ගණනය කරලා තිබුණා රු. බිලියන 51 ක වැඩිපුර මුදලක් දරන්න වෙනවා අඛණ්ඩව විදුලිය ලබා දීමට. අප යම් ආකාරයකින් සතුටු වෙනවා ඒ ගණනය කළ බිලියන 52 අමතර වියදම පළවෙනි මාස 6 දී බිලියන 38ක් දක්වා අමතර වියදම අඩු කරගන්න. එය විශේෂ කළමණාකරනය වගේම විශේෂ ක්‍රම මඟින්, හැකි හැම විටම අවම වියදම පිළිබද තීරණ ගැනීම, අපි හැම මිලදී ගැනීමක්ම ඉතාමත් තරඟකාරි ආකාරයට සිදු කිරීම නිසා තමයි අපට මේ තැනට එන්න පුළුවන් වුණේ. ඒ විදියටම ඉදිරි අභියෝග හමුවෙත් අපි බලාපොරොත්තු වෙනවා භාණ්ඩාගාරයේ, රජයේ සහයෝගය ඇතුව විදුලිය කප්පාදුවක් හෝ ව්දුලි බිල වැඩි කිරීමක් සිදු නොකිරීමකට.”

රංජිත් සියඹලාපිටිය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය