10 0

Posted by  in Latest News

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

 

කාලගුණ විපර්යාස මත වැසි ලැබුණද විදුලිබලය නිෂ්පාදනය කරන ජලාශවල ධාරිතාවයන් විශාල වශයෙන් ඉහළ ගොස් නොමැති බැවින් විදුලිබලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නැයි අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටී.

පසුගිය දින කිහිපය තුළ වැසි ලැබුණද ජලාශවල ධාරිතාවයන් විශාල වශයෙන් ඉහළ ගියේ නෑ. ඒ නිසා විකල්ප බලශක්ති උපයෝගී කර ගනිමින් අපට විදුලිය නිෂ්පාදනය කරන්න සිදුවනවා. ඒ අඛණ්ඩ විදුලිය නිෂ්පාදනයක් පවත්වාගෙන යාම සදහායි. ඒ නිසා පාරිභෝගික ජනතාව අරපිරිමැස්මෙන් විදුලිය පාචිච්චි කරීම තුළින් මෙම ගැටළුවට මුහුණ දීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ ඓතිහාසික පොතුවිල් මුහුදු මහා විහාරයට සූර්යබල සංග්‍රාමය යටතේ සූර්යබල පද්ධතියක් පූජා කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.