09 0

Posted by  in Latest News

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය මගින් දීප ව්‍යාප්තව සිදුකරන සූර්යබල සංග්‍රාම ව්‍යාපෘතිය යටතේ ආගමික මධ්‍යස්ථාන සදහා සූර්යබල කට්ටල ලබාදීමේ ජාතික වැඩසටහන සමග අද එක් වූ ජනපති පුත් දහම් සිරිසේන මහතා පොළොන්නරුව ගල් තඹරගම ශ්‍රී විජයාරාම විහාරස්ථානයට, දිඹුලාගල රාජ මහාවිහාරයට, පොළොන්නරුව ගල් විහාරය සහ මැදිරිගිරිය වටදාගෙය සදහා සූර්යබල පද්ධති ලබා දෙමින් මෙම ජාතික කර්ත්‍යවයට දායක විය.

අතිගරු ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක මෙම වැඩසටහන මගින් අදියර කිහිපයක් යටතේ දිවයිනේ ආගමික මධ්‍යස්ථාන සදහා සූර්යබල පද්ධති ලබාදීමට නියමිතය.

මෙහිදී අදහස් දැක්වූ දහම් සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේ පුනර්ජනනීය බලශක්තිය රටට අත්‍යවශ්‍ය සාධකයක් බවයි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කලේ 2020 වන විට මෙගාවොට් 200ක ධාරිතාවයක් ජාතික පද්ධතියට එකතු කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් රැසක් සහභාගී විය.