විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය අභියෝග වලට බය නැහැ.
01 0

Posted by  in Latest News

විදුලිබල අමාත්‍යාංශය කියන්නේ මේ රටට නැතිවම බැරි, ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන රාශියක් සමගින් රටට සුවිශාල සේවාවක් කරන, බලගතු ආයතනයක්. අතිගරු ජනාධිපතිතුමාගේ මේ වසරේ තේමාව තමයි දිළිදුකම පිටුදැකම. ඒ සඳහා අපි පසුගිය වසරේත් සුවිශාල සේවයක් ඉටුකළා. ගෙවල් ලග විදුලි කණුව තිබුණත්, නිවසට විදුලිය නොමැතිව හූල්ල හූල්ල සිටිය ජනතාව දෙලක්ෂ හැටපන්දහසක් වැනි විශාල සංඛ්‍යාවකට අපි විදුලිය දුන්නා. අපි බලාපොරොත්තු වෙනවා මේ මස තුළදි අතිගරු ජනාධිපතිතුමාගේ මේ වසරේ පදවි ප‍්‍රාප්තියට සමගාමීව, ගාල්ලේ ලංකාගමට විදුලිය දීලා, සමස්ත ලංකාවේම විදුලියනය 100% ක් බව සනිටුහන් කරන්න. අපි 2016 වසරේත් අභියෝග රැුසකට මුහුණ දුන්නා. ඒ වගේම 2017 වසරටත් අභියෝග රාශියක් එනවා. මම විශ්වාස කරනවා අපි තුළ තිබෙන විශේෂ සම්මුතිය, සාකච්ඡුාව සහ සමගිය තුළින් අපේ අමාත්‍යාංශය පිරිලා. ඒ නිසා අපිට ජයගත නොහැකි අභියෝග කිසිවක් නැහැ. ඒ විශ්වාසය අපට තිබෙනවා. අභියෝග නැති තැන පැවත්මක්, ජීවිතයක් නැහැ. ඒ නිසා විදුලිබල අමාත්‍යාංශය අභියෝග වලට බය නැහැ”යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

රාජ්‍ය සේවයේ විශේෂ ප‍්‍රතිඥා දෙමින්, 2017 නව වසරේ රාජකාරි වැඩකටයුතු ඇරඹීමේ අවස්ථාවට එක්වෙමින්, අමාත්‍ය සියඹලාපිටිය මහතා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා …

”දිළිදුකම පිටුදැකීමේ ප‍්‍රධාන අංගයක් තමයි නිවසට විදුලි බලය ලබාදීම. ලෝකේ බොහෝ රටවල් ක්ෂණිකව සංවර්ධනය කරා යන්න මේ අංගය යොදා ගත්තා. 2017 වර්ෂය තූළත් ඒ සඳහාවූ සුවිශේෂි ව්‍යාපාති ගණනාවක් දියත් කරන්න සූදානම්. ගොවි ජනතාව යැපුම් මට්ටමෙන් වානිජ මට්ටම කරා ගෙනයන්නට විශේෂ විදුලි අය ක‍්‍රමයක් හඳුන්වලා දුන්නා. ඒ වගේම නිවාස දසලක්ෂයක පියසි සුර්ය බලාගාර බවට පත් කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය අපි ආරම්භ කළා. ඒ තුළින් අඩු ආදායම්ලාභී විදුලි පාරිභෝගිකයා වෙත අපේ විශේෂ අවධානය යොමුවෙලා තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා අපි යුතුකම් ඉටුකරපු” ඒ වගේම ඉටුකරන අමාත්‍යාංශයක් කියලා.

රාජ්‍ය සේවකයන් වශයෙන් අපිට විශාල වගකිමක් පැවරෙනවා. දෙකෝටියක් පමණ වූ සමස්ත ජනතාව සමග සසදා බලනකළ රාජ්‍ය සේවකයන් යම්කිසි වරප‍්‍රසාදයක් භුක්ති විදින කොටසක්. සමස්තයක් වශයෙන් ආදායම, දැනුම, සමාජ තත්ත්වය ආදියත් සමග සසදා බලන කළ රාජ්‍ය සේවකයා යම්කිසි ඉහළ තැනක සිටින, නායකත්වයක් දරන වරප‍්‍රසාද භුක්ති විදින කොට්ටාශයක්. ඒ නිසා සමස්ත ජනතාවත් සමග රට සංවර්ධනය කරන්න අපිට විශාල වගකීමක් පැවරෙනවා. ඒ සඳහා අපි 2017 වසරේත් කැපවිය යුතුයි මෙතෙක් කුප්පි ලාම්පුවෙන් පාඩම්කල දරුවන් ලක්ෂ 5 කට පමණ විදුලිය ලබාදීමේ පුණ්‍යකර්මයේ කොටස්කරුවන් වීමට මෙම අමාත්‍යාංශයේ අප සැමදෙනාටම හැකිවෙලා තිබෙනවා” යැයි පැවසීය.