Posted by in Latest News
අපි සූර්යබල සංග්‍රාමය තුළින් ක්‍රමවේදයන් 03 ක් හඳුන්වලා දුන්නා. ඒ තමයි නෙට් මීටරින්, නෙට් එකවුන්ටින් සහ නෙට් ප්ලස් යන ක්රමයන්. මේ නෙට් ප්ලස් ක්‍රමය අපි හඳුන්වලා දුන්නේ විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන්මයි. මෙහි විශේෂත්වය තමයි අඩු ආදායම් ලාභියාට අඩු මිලකට විදුලිය ලබාදීම. අතිගරු ජනාධිපතිතුමා මේ වර්ෂය වෙන් කරලා තිබෙන්නේ දුප්පත්කම පිටුදකීමේ වර්ෂය ලෙසයි. ඒ නිසා අඩු ආදායම්ලාභී ජනතාවට අඩු මිලක් යටතේ සූර්ය කෝෂ ලබාදීලා, ඔවුන්ගේ විදුලි බිල ඒ තුළින් ආවරණය කරදීලා, අමතර ආදායමකුත් ලබාගන්නා ක්‍රමයක් අපි දියත් කරන්න සූදානම්, අතිගරු ජනාධිපතිතුමාගේ පදවි ප්රාප්ති සමරුවත් සමගින් ඇලහැර, බකමූණේදී, නෙට් ප්ලස් නමින් හැඳින්වෙන මේ සත්කාර්යය දියත් කරන්න අපි සැලසුම් සකස් කරනවා” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළකළේ, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේදී සූර්යබල ගම්මාන ස්ථාපිත කිරීම සම්බන්ධව පැවති විශේෂ සාකච්ඡුාවේදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා ….
නෙට් ප්ලස් ක්‍රමය යටතේ ඔවුන්ගෙන් අපි විදුලිය මිලදී ගනිද්දි විදුලි ඒකකයක් පොදුවේ රු.22ග00 ක් වගේ මුදලකට ගන්නවා. මේ වගේ වාසියක් තිබිලත් ඒ අඩු ආදායම්ලාභි සමාජ පන්තිය මේ වාසිය ලබාගන්න ඉදිරිපත්වීම ඉතාමත් අඩු මට්ටමක තියෙන්නේ. ඒකට හේතුව තමයි ඔහුගේ ආර්ථිකය මේ වාසි තත්ත්වය ගැන හිතන්න ඉඩක් දෙන්නේ නැහැ. ඔහුට තිබෙන්නේ මේකට වඩා ප්‍රාථමික ප්‍රශ්න. ඒ නිසා මම සූර්ය පැනල සමාගම් වලින් ඉල්ලා සිටිනවා, අඩු ආදායම් ලාභින්ගේ නිවාස පියසි සූර්ය බලාගාර කරන්න, සූර්ය කෝෂ ලබාදෙන්න, ඔවුන්ගේ විදුලි බිලත් ආවරණය කරලාදීලා. ඔවුන්ට යම්කිසි මුදලක් අතටත් ලබාදීලා, යම්කිසි නිශ්චිත වසර ගණනකින් සූර්ය කෝෂයේ මිලත් ආවරණය කරගන්න කියලා” යැයි පැවසීය.
මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ, ලංකා විදුලිබල මණ්ඩලයේ, සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පෞද්ගලික සුර්ය කෝෂ සමාගම් කිහිපයක නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.