මේ වසර අවසන් වනවිට සමස්ත දිවයින 100%ක් විදුලියෙන් ආවරණිතයි.
08 0

Posted by  in Latest News

විදුලිබල මණ්ඩලය කියන්නේ වානිජ ආයතනයක්. නමුත් අපි වානිජ පරමාර්තයෙන් තොරව සමාජ සත්කාරයක්, මානුෂිය මෙහෙයුමක් හැටියට තමයි මේ “රටම එළියයි අඳුර දුරලය” ජාතික සත්කාරය ක‍්‍රියාත්මක කළේ. අපි බලාපොරොත්තු වෙනවා 2016.12.31 දින මේ විදුලි සත්කාර වැඩසටහන නිමාකරන්න. අපි ජනතාවට නැවතත් ආරාධනා කරනවා මෙතෙක් මේ ව්‍යාපෘතියෙන් ප‍්‍රයෝජන නොගත් කොටසක් සිටිනවානම් මේකෙන් ප‍්‍රයෝජන ගන්න කියලා” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, රටම එලියයි අඳුර දුරළයි සමාජ සත්කාරක වැඩසටහන පිළිබඳව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ පැවති ප‍්‍රගති සමාලෝචන රැස්වීමකට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා …,

“රටම එළියයි අඳර දුරලයි ජාතික විදුලි සත්කාර වැඩසටහන විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් අද මෙතැනට ගේන්න නියෝජ්‍ය අමාත්‍යතුමා ඇතුළු නිළධාරින් සියල්ලන්ම විශාල වෙහෙසක් ගත්තා. මේ ව්‍යාපෘතිය ආරම්භ කරද්දි මේ රටේ විදුලිය නැති නිවාස 260993 ක් තිබුණා. ඒ පිරිසෙන් 224738 කට විදුලිය දෙන්න අපට හැකිවුණා. වැදගත්ම දේ මේ නිවසක දරුවෝ දෙන්නෙක් හිටියත් ලක්ෂ 5 කට ආසන්න පාසල් දරුවෝ අද කුප්පි ලාම්පුව ඉවතට දාලා විදුලි එළියෙන් පාඩම් කරනවා. මේ ජාතික විදුලි සත්කාරය කියන වචනයේ අර්ථය අර්ත ගන්වන්න අපි කැපවෙනවා. අතිගරු ජනාධිපතිතුමා ඇතුළු රජය අපට මේකට විශාල ශක්තියක් ලබාදුන්නා. රටක් හැටියට විදුලි සැපයුම ලබාදිය නොහැකිම නිවාස 19241 ක් තිබෙනවා. මේ ගැටළු පිළිබඳවත් අපි අවදානය යොමුකරමින් විසඳුම් සොයනවා. වසර 10ක් 15ක් විදුලි කණුව, වයර් එකක් දැකදැක විදුලිය නොමැතිව සිටින කොටසක් සිටියා. ඔවුන් එසේ සිටියේ ආර්ථික ගැටළු නිසයි. ඒ වගේ ආර්ථික දුෂ්කරතා සහිත සමාජයේ උදව් කළයුතුම පන්තියටයි අපි මේ අවදානය යොමුකළේ” යැයි පැවසීය.