Posted by in Latest News
ප්‍රකාශ කළ පරිදිම පසුගියදා බිඳ වැටිමට ලක්වූ නොරෝච්චොලේ තාප බලාගාරයේ තෙවන අදියරේ ටර්බයිනය සක්‍රීය තත්වයට පත්කර ගැනීමට හැකියාව ලැබුණු බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශකර සිටී.
බිද වැටීමට ලක් වූ දෙවැනි අදියර පසුගිය අගහරුවාදා ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව ලැබුණා. ඒ අනුව 300mw ජාතික පද්ධතියට එකතු වුණා. අද තෙවන අදියරෙත් විදුලි ජනනය ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව මේ වනවිට 600mw ප්‍රමාණයක් ජාතික පද්ධතියට එකතු වෙනවා.
මේ අනුව කිසිදු කප්පාදුවකින් තොරව විදුලි පාරිභෝගිකයන්ට විදුලිය ලබාදීමට හැකිබව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටී.